ගගා ....
කෝමදෝ ....
මන් කිව්වද අලුතෙන් කස් එකක් හම්බුනා කියලා ..කස් එකක් කිව්වට කස් එකක්මත් නෙමේ හරිද .. ඇට්‍රෑක්ශන් එකක් විතරයි... මට ඒම කැමැත්තක් නෑ ... ඒත් අර හැමෝම කස් කස් ගගා කියවනකොට මටත් නිකන් කස් එකක් ඕනෙ ඕනෙ වගේ ...
හැබැයි එයා නම් පට්ට ලස්සනයි හරිද ...එයාට අපි කියන්නෙ කින් කියලා ..
ඇයි දන්නවද එයා කින් පෝර්ච් එකේ කින් වගේ හින්දා ....ඒත් මට නම් ඊට වඩා එයා වර්ඩ් ඔෆ් ඔනර් එකේ අවාන අතේ තියන් ඉන්න එක්කෙනා වගේ ...
ඉතින් ඉන්ටර්වල් එකේ මායි හොදම යාලුවයි ඒ දිහා බල බල ඉදලා අන්තිමට එයත් අපි දිහා බලන්න ගත්තා ...
පව් හැබැයි ...
අපි විහිලුවටවත් අනිත් අයගෙ ෆීලින්ග්ස් එක්ක සෙල්ලන් කරන්න හොදනෑ කියලා මන් හිතාගත්තා ...ඒව්නාට ඉදලා හිටලා බැලෙනවා ලස්සන හින්දා ..කැමැත්තකට නෙමෙ ...මන් බලෙන් කස් කරගන්න හැදුවට කලින් කස් එක අමතක කරන්න ඕනෙ හින්දා ඒක හරියන්නැ ...
කෝමද ෆස්ට් කස් එක ෆස්ට් ලව් එක වෙලා හස්බන්ඩ් උනාම .... ඒම වෙන්නැ මන් නිකන් කිව්වෙ ....
ඉතින් දැන් ඔය අලුත් කස් එක හොයාගන සති තුනක් විතර හරිද ගගා ...
ඒත් ඒක වැඩක් නෑ ගෙදර ගිය ගමන් අමතක වෙනවා ....ඒත් දැක්කම ආසත් හිතෙනවා ... ඒත් ඒක ඩීප් ෆීලින්ග් එකක් නෙමේ .... ඒක හින්දා වැඩක් නෑ ....කොහොම හරි අද මන් කාස් ඇරිලා ඉන්නකොට කින් ආවා අපිට පස්සෙ ඊට පස්සෙ මන් උඩ පැන පැන කින් එනවා කින් එනවා ගගා ඉන්නකොට මේන් යකූ මගෙ කලින් කස් එක එතන ...මන් දැක්කෙ නෑ වගෙ හිටියා ...
අද බස් තිබ්බෙ නෑ ගගා හරිද ...
ගගා කවදද අන්තිමට බස් එකක ගියෙ ...
මන් දන්නවා ආස ඇති ඔයත් මේ අපි වගෙ සාමාන්‍ය විදියට පැයක් දෙකක් හරි ගෙවන්න ...
මන් පොරොන්දු වෙනවා කවද හරි ඔයා ඉස්සරහට ආවොත් පෝන් එකක් උස්සන් එන්නෙ නෑ කියලා ...ඉතින් අහන්නකො ....
බස් නැති හින්දා මමයි මගෙ යාලුවයි කලින් කස් එකයි එයාගෙ ගෑනු ළමයයි ඔය අපි සෙට් සෙට් හිටියා බස් හෝල්ට් එකේ අන්තිමට විනාඩි හතලිහකට පස්සෙ කොලඹක් ආවා ...අපි ඔක්කොම ඒකේ හරිද ....ඉතින් දැන් නැග්ගම මන් කස් එකට එහා පැත්තෙ ...මන් ඉතින් බල්ටි ගගහා ඉන්නකොට එයා ඉස්සරහට වෙලා මට එයාව පාස් කරන් ඉස්සරහට යන්න ඉඩ දුන්නා මාත් ගියා ...
එයා හිටියෙ එයාගෙ ගෑනු ළමයා වාඩි වෙලා ඉන්න ශීට් එක ගාව හිටගන ... ඒ ටිකකට පස්සෙ එයාට එතනම පිටිපස්සෙ ශීට් එක හම්බෙලා ඉදගත්තා ....
ඔහොම කිලෝමීටර් පහක් විතර යනකොට එයාගෙ ගෑනු ළමයට එහා පැත්තෙ ඉදගන හිටපු ඇන්ටි නැගිට්ටා ...කවිරුත් එතනින් ඉදගත්තෙ නැති හින්ද මන් ගිහින් ඉදගත්තා ...ඉතින් ගගා අපි කලිනුත් කතා කරලා තියන හින්දා අපි දෙන්නම කතා කර කර කිලෝමීටර් විසිඑකම ආවා ....
ඉස්සල්ලම බහින්නෙ කස් එක ඊට පස්සෙ මන් ඊට පස්සෙ ගැල්ලමයා ....
ඉතින් මමයි ගැල්ලමයයි කයිය ගගහා හිටපු ඒවා එයත් අහන් ඉන්න ඇති ...අපි ඉස්කෝලේ ඒවා ගැනමයි කතා කරේ හැබැයි ...
ඒක නෙමෙයි මට ගගාට කියන්න ඕනෙ උනේ ....
ඉතින් කස් එක බහිනකොට ගෑල්ලමයගෙ ඔලුවට තට්ටුවක් දැම්මා ... ඊට පස්සෙ ගෑල්ලමයත් පිටිපස්ස හැරුණා මාත් හැරුනා ...ඌ මාස්ක් එක පාත් කරලා කිව්ව ...
" පරිස්සමින් යන්න " කියලා ....හිතේ පැත්තකට දුක හිතුනා ..
තව පැත්තක් ගෙම්බෙක් වගේ බලන් හිටියා . ..
කට කැහුවා හැබැයි ' මෙච්චර කල් පරිස්සමට ගියෙ ඔයා කියලද '
අහන්න ....
බෑනෙ .... එයාලා එකට සතුටින් ....ආපෝ මට ගානක් නෑ ...කොහොමත් මන් ඔය ඉස්කෝලේ කාලෙ අෆයා වලට කැමති නෑ..
එක පාරින් බදින්න ඕනෙ මමයි ශිරූ බබායි වගේ ....
ඒත් මොක කිව්වත් අරක මට ඇහෙනවා ඇහෙනවා වගේ ....
ඉතින් මමත් බහිනකොට එයාගෙ ගෑල්ලමයට පරිස්සමින් යන්න කියලා කිව්වා ...
එයත් මට ඔයත් පරිස්සමින් කිය්ලා කිවා ..මොනා උනත් ඒ ගෑල්ලමයා එයාට හොද වැඩිත් එක්ක ....
YOU ARE READING
DayToy diary o_O
FanficNot a Yizhan story .... Its only throughs in my heart .... Its my diary ..... I hope u enjoy my daytoy ... o_O👣