2022.12.30

20 7 6
                                    

ගගා ...

ඔහෙට සීතලද ...
මන් දැක්කා ගගා සෝල් එකකුත් පටලන් නහයත් රතු කරන් අප්ලෝඩ්ස් දාලා තියනවා ...

ගගා .. දන්නවද  ... මේ දවස් වල අපේ ආර්ථිකේ අන්තිමයි .. අන්තිමයි කියන්නෙ යුවාන් එකක්වත් අතේ නෑ ....

උදේට සම්බෝලයි බතුයි ... දවල්ට පරිප්පුයි බතුයි ... රෑටත් පරිප්පුයි බතුයි ...
කිරි පිටිවත් බිස්කට්වත් නෑ ගෙදර ..

මට අවුල් ඒකට නෙමෙ ගගා ... ඒලෙවල්ස් කරන හින්දා මට යන වියදම හුගක් වැඩී ... හම්බකරන ගානෙන් මට ගොඩක් යනවා .. ඒත් මොනා කරන්නද කරන්න දෙයක් නැ .. ෆ්‍රී කාඩ්ස් හදාගන්න කියලද ...

දැන් නම් මන් ඕලෙවල් කාලෙට වඩා වැඩ කරනවා ... දැන් ඔන්න සදුදා ඉදන් ඉස්කෝලෙ පටන් ගන්නවලු .. එතකොට බිසී වෙයි ... ඔහෙ ටියුශන් නැති උනාට මෙහෙ නම් අද්‍යාපනේ පදනම ටියුශන් .. ඉතින් නොයා කොහොමද ...
මන් හොදම යාලුවා නැතුව වෙන ක්ලාස් එකක ඉන්න හදන්නෙ .... දුක උනත් මොනා කරන්නද ගගා ...මහලොකු ශ්‍රී ලාංකික නිදහස් අද්‍යාපනේනෙ ..

මට හිතුන දෙයක් කියන්නද ...
අද අහස දිහා බලන් ඉන්නකොට මට හිතුනා .. ගගාත් එක පාරක් හරි මේ අහස යටම ඉන්න ඇති කියලා ... ඒත් ඒ එකම අහස යට එකම වෙලාවෙ ඉන්නයි මට පින නැත්තෙ....

මන් දැක්කා මොකක් හරි බොඩිලෝශන් එකක ගගා ස්පෝක්පර්සන්ට ඉදලා තිබුනා ... තනි සුදු ඇදගන .. නොකියා ඉන්න බෑ ඒක මාරම ඇට්‍රෑක්ටිව් ෆොටෝ එකක් .. දැන් මගෙ හෝම් ස්ක්‍රීන් එකටයි ලොක් ස්ක්‍රීන් එකටයි දාගන ඉන්නෙත් ඒක ..
අප්පටසිරි ඒක කියනකොට මතක් උනේ ... දැන් රවුටර් බිල් එක ගෙවාගන්නත් සල්ලි නැති වෙයිනෙ ... ම්හුක්ක් ...

ආපහු ඔහාට කොරෝනා වැඩියිලු නේද ... මේ සීතලේ පැතිරෙන එකත් වැඩි ඇති .... එලියට යනකොට මාස්ක් එක දාගනම යන්න ... ගගා ලයිව් එන්නෙවත් නෑද ... ආසයි ලයිව් දකින්න එක පාරක් ...  පරිස්සමට ඉන්න ... බුදු සරණයි ..

DayToy diary o_OWhere stories live. Discover now