~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Taehyung එයාගේ දිලිසෙන ඇස් දෙකෙන් Jungkook දිහා බලාගෙන එයා මෙච්චර දවස් හිතේ හිර කරගෙන හිටපු දේ අද Jungkook කියන්න ලෑස්ති උනා...Taehyung: Jungkook,මම දන්නේ නෑ මම දැන් කියන්න යන දේ ඇහුවම ඔයාට මොනවා හිතෙයිද,ඒ වගේම ඔයා ඒ දේ පිළිගනීවි ද නැද්ද කියලාවත්...ඒත් තව කාලයක් මේ දේවල් හංගගෙන ඉන්නවා කියන්නේ,මට දැනෙන්නේ මම මාවම රවට්ට ගන්නවා වගේ දෙයක් කියලායි...
Jungkook,ඔයාට මතකනේ අපි මුලින්ම හම්බුන විදිහ?එදා ඉඳලා අපි දෙන්නා කරේම හැම වෙලේම රණ්ඩු කරපු එක...ඒත් අපි දෙන්නාම හොඳටම දන්නවා ඒ ලොකු වෛරෙකට නෙමෙයි කියලා...
මුල් කාලේ අපි දෙන්නාගේ වැඩේම රණ්ඩු කරපු එක උනාට මම හිතන විදිහට දැන් ඔයා තමයි මාව හොඳටම තේරුම් ගත්ත කෙනා...ඒ වගේම ඔයා තමයි මට මගේ නැතිවෙච්ච පවුල ආයේ ගෙනත් දීපු කෙනා...ඉතින් Wonඋයි,මමයි මෙහෙ ඉන්නේ තව ටික කාලයයි...අපි තව ටික කාලෙකින් වෙන රටකට ගිහින් අලුත් ජීවිතයක් පටන් ගන්නවා...හැබැයි මම හිතන්නේ ඔයා අපි ලඟ නැතුව ඒ ජීවිතේ ගොඩක් අසම්පූර්ණ වෙයි...මොකද එදාට Wonඋයි,මායි මෙහෙන් යන්නේ අපේ පවුලේ කෙනෙක් නැතුව...ඔයා දැනටමත් අපේ පවුලේ කෙනෙක් වෙලා ඉවරයි Jungkook,ඉතින් පවුලේ කෙනෙක් අඩූ ජීවිතයක් කියන්නේ ඒක හැමදාම අසම්පූර්ණ පවුලක්...
මේ වෙනකොට Jungkookගේ ඇස් දෙකේම කඳුලූ පිරිලයි තිබුනේ...මොකද Jungkook කවදාවත් Taehyungගෙන් මේ වගේ උණුසුම් වචන ටිකක් බලාපොරොත්තු උනේ නෑ...
ඒ වගේම ඔයාව පලවෙනියට දැක්ක දවසේ ඉඳන්ම මට මේ දේ කියන්න ඕන උනා...ඒත් මම ඒක නොකිව්වේ අනිත් හැමදේම නැතිඋනා වගේ මට ඔයාවත් නැතිවෙයි කියලා බය උන නිසයි...ඒත් තවත් නම් පරක්කු වෙන්න බෑ...මොකද මම පරක්කු වෙන තරමට අපිට ගොඩාක් ලස්සන දේවල් මග ඇරෙනවා...ඉතින් මට කියන්න ඕන උනේ මම ඔයාට ආදරෙයි කියලායි... I really love you Junkook...
ඒ දේ ඇහුනා විතරයි Jungkookගේ හිතේ අමුතු,නුපුරුදු හැඟීම් ගොඩාක් පිරිලා ගියා...මොකද Jungkook කවදාවත් Taehyung වෙනුවෙන් එයාට දැනෙන්නේ මොනවද කියලා එයාගෙන්ම ප්‍රශ්නකරලා තිබුනේ නෑ...ඒ වගේම එයාට කවදාවත් එහෙම කරන්න ඕන වෙලා තිබුනෙත් නෑ...හැබැයි දැන් එයා එයාගෙන් ම ප්‍රශ්නකරා...ඇත්තටම Taehyung කියන්නේ එයාගේ කවුද?,එයාගේ හිතේ Taehyung වෙනුවෙන් තියෙන්නේ කොයිවගේ හැඟීමක් ද?, ඇයි එයා Taehyung වෙනුවෙන් මෙච්චර දේවල් ඉවසුවේ?, ඇයි එයා Taehyung වෙනුවෙන් අච්චර දේවල් කරේ? වගේ ප්‍රශ්න ගොඩක් එක පිට එක එයා එයාගෙන් ම අහගත්තා...ඒත් මේ එකකටවත් උත්තර එයා ළඟ නෑ... Jungkook අන්තිමට තේරුම් ගත්තා මේ උත්තර නැති හැම ප්‍රශ්නෙකටහ උත්තර හොයාගන්න වෙන්නේ එයාටමයි කියලා...
YOU ARE READING
❤️Chairman's Baby❤️(TK) ✅
FanfictionA Love Story Of Three Hearts Bounded By An Unexpected Love💕 Top- Tae Bottom -Kook Started-:2022.11.04 Completed-:2022.12.11 Highest Rankings-: #1 in #Sinhala ( 2022.12.23 ) #1 in #Taekook (2023.06.17)