Chapter 21

1.6K 249 21
                                    

 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~  ඉක්මනට ලෑස්ති වෙච්ච Jungkook,Wonව වැඩ කරන අයත් එක්ක ගෙදර තියලා මේ ගැන Wonට නොකිය එයාගේ driver එක්ක එන්න පිටත් උනේ Won කලබල උනොත් තව ප්‍රශ්නයක් වෙන නිසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
  ඉක්මනට ලෑස්ති වෙච්ච Jungkook,Wonව වැඩ කරන අයත් එක්ක ගෙදර තියලා මේ ගැන Wonට නොකිය එයාගේ driver එක්ක එන්න පිටත් උනේ Won කලබල උනොත් තව ප්‍රශ්නයක් වෙන නිසයි... Jungkookට ඒ ගොල්ලෝ ආපු පාරවත් හරියට මතක නෑ...මොකද එයා ඒ තරමටම කලබල වෙලයි හිටියේ...
       ටික වෙලාවකින් එයාගේ car එක hospital එක ලඟ නතර කරපු ගමන් Jungkook, hospital එක ඇතුලට දුවගෙන ගියේ මෙළෝ සිහියකින් නෙමෙයි...

Jk: Excuse me...අද වෙච්ච accident එකකින් Kim Taehyung කියලා කෙනෙක් මෙහෙට ගෙනාවද?
ඉක්මනට reception එක ගාවට ගිය Jungkook ඇහුවා...

Receptionist: අම්....ආ...ඔව් sir ඉන්නවා...එයා ඉන්නේ room number 88...
Receptionist, Computer එකෙන් බලලා කිව්වේ Jungkook ඇඟට ලේ ටිකක් උනද්දීයි...

Jk: Ah...ok... Thank you so much...
එහෙම කිව්ව Jungkook,එතන තව විනාඩියක්වත් ඉන්නේ නැතුව ඉක්මනට ගියේ Taehyungගේ room එක හොයාගන්න යි...
      Jungkook ටික වෙලාවකින් ඇවිත් නැවතුනේ 88 කියලා ගහලා තිබුන room එකක් ඉස්සරහ යි...වෙවුලන අතකින් හිමීට දොරේ lock එක ඇරපු Jungkook, Room එක ඇතුලට එබිලා බැලුවේ Taehyungට කිසිම කරදරයක් නම් වෙලා තියෙන්න එපා කියලා හිත හිතයි...ඒත් හිමීට ඇතුලට ඇවිද්ද Jungkookගේ කකුල් දෙක ඉබේම නතර උනේ ඇඳ උඩ සිහි නැතුව නිදාගෙන ඉන්න Taehyungව දැකලයි...
           Taehyungගේ නලල වටේට ම bandage කරලයි තිබුනේ...ඒ වගේම Taehyungගේ දකුණු අතේ wrist එක ලඟත් bandage කරලා තියනවා දැක්ක Jungkookගේ ඇස් දෙකෙන්ම මාරුවෙන් මාරුවට කදුලු ගලාගෙන ගියේ එයා කීයටවත් Taehyungව මේ විදිහට දකින්න බලාපොරොත්තු නොවුන නිසා...එයා හැම වෙලේම ප්‍රාර්ථනා කරේ Taehyungට පොඩි හීරීමකවත් වෙන්න එපා කියලා...
        ටික ටික Taehyung ලඟට ගිය Jungkook, Taehyungගේ bed එක ගාව තිබුන පුටුවකින් වාඩි උනා...ටික වෙලාවක් හරිම සන්සුන් විදිහට ඇස් දෙක පියාගෙන ඉන්න Taehyung දිහා කදුලු පිරිච්ච ඇස් දෙකෙන් බලාගෙන හිටපු Jungkook ,හරිම පරිස්සමට Taehyungගේ bandage කරලා නැති අනිත් අතේ ඇඟිලි එක්ක එයාගේ ඇඟිලි පටලවලා අනිත් අතින් පරිස්සමට Taehyungගේ ඔලුව අතගැවේ එයාගේ ඇස්වලින් ගලන කදුලු වලට ඔහේ යන්න දීලයි...
         Jungkookට මතක් උනා මේ වෙන වෙලාවක් නම් පිස්සු වැඩ කරලා Taehyung කොච්චරනම් එයාගෙන් බැනුම් අහනවද කියලා...ඒ වගේම ඕනේ නැති ඒවා කියලා කොච්චර නම් එයාව රතු කරනවද කියලා... Jungkookට ඕන උනා Taehyungව hug කරගෙන ඇති වෙනකම් අඩන්න...ඒත් Taehyungට රිදෙයි කියලා හිතපු Jungkook, Taehyungගේ අත උඩ නලල තියාගෙන ම ඇඩුවේ, Jungkookගේ කදුලු වලින් Taehyung අත තෙත් වෙද්දියි...

❤️Chairman's Baby❤️(TK) ✅Where stories live. Discover now