අලුත්ම ෆෝන්එක නාරද පලිහවනගේ තාත්තා, එයාට නිකන්ම දුන්නා එහෙම නෙමෙයි. නරදට ෆෝන්එක 'හම්බුකරගන්න' වුණා.
නාරදගෙ තාත්තා වියදම් කරන්න අකමැත්තක් නෙමෙයි. කන්නබොන්න... ඇඳුම් පොත්පත් අඩුවක් නැතුව නාරදට ගෙනල්ලා දෙනවා. උපන්දිනේට අවුරුද්දට තැගිබෝග දුන්නට, ඊටවඩා වැඩියමක් ඕනේනම් ඒ දේවල් හම්බුකරගන්න ඕනේ කියලා තමයි නාරදගේ තාත්තා මතක තිබුණ කාලෙක ඉඳලා උගන්වලා තිබුණේ.
'නිකං දුන්නම අගේ නැතිවෙනවා. මහන්සිවෙලා ගත්තම තමයි අරපරිස්සම තේරෙන්නේ.' අභය පලිහවඩන මහත්තයා කිව්ව කතාව ඇත්ත වෙන්න ඕනේ. මොකද අනිත් ලමයින්ට අම්මලා තාත්තලා ඉල්ලුව ගමන් ගෙනල්ලා දෙන කතන්දර පොත්... චිත්රපටි ඩීවීඩී... ඉස්කෝලේ වැඩට උදව්වෙන පොඩි කොපි මැශිම... වගේ දේවල් නාරද බොහොම පරිස්සමෙන් පිලිවෙලට පාවිච්චිකලේ ඒවා තමන්ගෙම වියදමෙන් අරගත්තු නිසයි.
අලුත්ම ෆොන්එකත් ඒවගෙම තමයි.
නාරදම මොකද්ද වර්ගෙ කියලා තෝරගත්තා. එයාම ගාණ තීරනය කරගත්තා... එයාම මහන්සිවෙලා තාත්තාගෙ කැම කඩේට උදේට කෑම දාන්න පාන්දර තුනේ ඉඳන් නැගිටගෙන අම්මට උයන්න උදව්වුනා. දවසට පන්සීය ගානේ, දවස් හතලිහක්.
විසිදාහක්.
ඉතුරු පන්දාහා තාත්තා දැම්මා.
නාරදට යාලුවො නැතුවම නෙමෙයි. ගෙවල් වටේ මිනිස්සු... තාත්තයි අම්මයි කරන කැම කඩේට නිතර එන මිනිස්සු... ඉස්කෝලේ යාලුවො දෙතුන් දෙනෙකුත් නාරදට බොහොම කිට්ටුයි. ඒත් මෑතක ඉඳන් එයා නැගිටිනකොටම හිතට දැනුණේ අමුත්තක්. දෙමව්පියෝ... ඉස්කෝලේ යාළුවෝ අසල්වැසියො මැද්දෙත් එයා තනිවෙලා වගේ හැඟීම්ක්. මොකද්ද කියලා නාරදටම තෙරුණේත් නැහැ.
YOU ARE READING
පෙම්බර වැද්දා
Romanceනාරද හිතේ තියෙන දේවල් බෙදාගන්න කියලා බොරු ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවා. ඒකට ආපු පලවෙනි මැසේජ්එකේ නම තිබුණේ "ලොකු වැද්දෙක් නෙමෙයි" කියල. එයා වැද්දෙක් නෙමෙයි නම් තමයි. තේමිය එක්ක දිගට චැට් කලාට කවදාවත් හම්බුවෙන්න යෝජනා කරාවි කියලා නාරද හිතුවේ නැහැ. ම...