"අපි හිතුවේ අපට වදයක් වේවි කියලා නාරද එන්නේ නැතුව ඉන්න හදනවා කියලයි..." ලසිත් ඇහෙන නෑහෙනගානට බිම බලාගෙන කියද්දි නාරදට එයා ගැන පොඩි ලැජ්ජාවකුත් ඇතිවුණා.
ඒහැටි ලොකුදෙයක් නෙමෙයිනේ... එදා ඉස්කෝලේ වෙලාවෙදි ගෙදරට කට්ටියක් එනවා ඒනිසා එන්න වෙන්නෙනෑ කියලා කිව්වා නම් යාලුවෝ ටික ඩියොන්ගේ උපන් දිනේ සමරන්න කේක් අරැගෙන ත්රීවිල්එකේ එයාලගේ ගෙදර එන්නේ නැහැනේ.
"ඔහු නෑදෑයො එනවා කියලා දන්නවනම් අපි එන්නෙ නෑ..." ඩියොන් පිරිසියේ දාගත්ත ලොකු කේක් කෑල්ලක් ඇඳෙන් කපල කටේ දාගන්න ගමන් කියන්න වුණා.
තේමිය එයා අතේ තියාගෙන ඉන්න චොකලට් කේක් කෑල්ලදිහා බලනවා... නාරදදිහා බලනවා... ආයිත් චොකලට් කේක් කෑල්ලදිහා බලනවා. මොකක් කියන්නද කියල එයාට හිතාගන්න බැහැ.
ඩියොන් නෑදෑයෝ කියලා කිව්වට ඇවිල්ලා ඉන්නේ නෑදෑයො නෙමෙයි නාරදගේ යාලුවෙක් කියලා මංගලා නෝනා කිව්වෙ කෑම කන්නත් කලින්. ඩියෝන් ඔහොම නෑදෑයො කියලා කිව්වේ එයාලා නොදන්න නාරද යාලුවෝ කවුද කියලා කියල දැනගන්න අහදහසින්.
මේක තේමියට එයාගේ කටහඬ අවදිකරලා නාරද වෙනුවෙන් උත්තර බඳින්න වෙලාවක් නෙමෙයි. බැරිවෙලාවත් වැරදි යමක් කියෙව්වොත් අපහසුතාවයට පත්වෙන්නේ නාරදයි.
ඇරත් මොනවා කියන්නද?
"මේ මගේ ෆේක් ෆෙස්බුක් එකේයාළුවා..."
"චැට් යාළුවා...
"බොයිෆ්රෙන්ඩ්..." කියලා කියන්නද?
නාරදත් ඔය ගැනම හිතනවා වෙන්ඇති කියලා තේමියට හිතුනා.
එයාලගේ අම්මලා තාත්තලා ඉස්තෝප්පුවේ කතාබහක. මල්ලි නම් කොහෙද නැහැ. එක්කෝ කාමරේටවෙලා නිදි ඇති. එහෙමත් නැත්තං අල්ලපු ගෙදර එයාගේ යාලුවොත් එක්ක සෙල්ලම් කරන්න යන්නඇති.
"අපි ෆෙස්බුක් එකෙන් හම්බුනේ..." නාරද අන්තිමේදී කටහඬ අවදිකරල කියනකොට තේමියගේ බඩ කූල්වෙලා ගියා.
"මට හිතුනා.. තමුසෙගෙ මොනාහරි හොරයක් තියෙනවා කියලා... පහුගිය මාසේ දෙකේම ෆෝන්එක ගැනමයි කතාව... ෆේස්බුක් එකක් හැදුවද කියලා කියලා අහනකොට නෑ කියලාත් කිව්වා. " නිශාදි කිව්වේ අමනාපෙන් වගේ. "ඒත් මම බැලුවා කවදාවත් නැතුව පන්ති නොඑන්නෙත් අයි කියලා... බැලීනම් ලව් බර්ඩ්ස්ලා දෙන්නා රොන්දේ ගහලානේ!"
STAI LEGGENDO
පෙම්බර වැද්දා
Storie d'amoreනාරද හිතේ තියෙන දේවල් බෙදාගන්න කියලා බොරු ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවා. ඒකට ආපු පලවෙනි මැසේජ්එකේ නම තිබුණේ "ලොකු වැද්දෙක් නෙමෙයි" කියල. එයා වැද්දෙක් නෙමෙයි නම් තමයි. තේමිය එක්ක දිගට චැට් කලාට කවදාවත් හම්බුවෙන්න යෝජනා කරාවි කියලා නාරද හිතුවේ නැහැ. ම...