තේමිය ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර එන්නේ හරිම සතුටින්. නාරදත් එහෙමයි. ඇවිල්ලා කරන්න තියෙන වැඩකරලා පාඩම් වැඩත් කරලා දෙන්නා දහය දහයාමාර වෙනකොට ෆොන්එක අරගෙන ඇඳට යනවා. ඒක ඒ දෙන්නට වෙන්වුන වෙලාව. දවස තිස්සෙම අනික් අයට පෙනෙයි කියලා වචනයක්වත් කතානොකර ඉන්න තේමියයි නාරදයි, ඊට පස්සේ දවසේ වෙච්ච සිදුවීම්වලින් පටන් අරගෙන වඳුරො ගහෙන් ගහෙන් ගහට පැනපැන යනවා වගේ මාතෘකාවෙන් මාතෘකාවට යනවා.
දෙන්නා රෑට වට්සැප් එකෙන් චැට්කරන එක පුරුද්දකට ගියා. කතාකරන්න දෙවල්වල අඩුවක් නම් ඇත්තෙම නැහැ. වෙනදෙයක් නැත්නම් අඩුම ගානේ විහිළුවක්වත් කියලා දෙන්නා හිනාවුනා.
'බඩ්ඩක් වන්නද?' කියලා තෙමිය අහනකොට නාරද සැකයක් ඇතිවුනේ තේමිය මොකද්ද මේ එවන්න හදන්නේ කියලා. බඩ්ඩක් එවන්නද කියලා අහලා එකපරක් පණුවො ඇපල් ගෙඩියල් කන විඩියෝ එකකුත් එව්වා... ඊලඟට ටුත්ලස් ජොන් ස්නෝ එක්ක රඟපාන වීඩියෝ එකකුත් එව්වා. ඒනිසා තේමියව ශුවර්කරන්න හරිම අමාරුයි.
ඒ නාරද කොහෙත්ම බලාපොරොත්තු නොවුන විදිහේ රූපයක්. තේමිය ලස්සනයි කියලා නාරද දන්නවා. නාරදත් දැකුම්කළුයි කියලා තේමියත් නිතරම කියනවා. නමුත් ඒදෙන්නගේ බාහිර රූපය අගයකිරීම එතනින් එහාට මෙතෙක් කාලයකටනම් ගියේ නැහැ.
තේමියගේ කමිසක් නැති පින්තුරයක් එව්වම නාරද ගැස්සුනේ ඒකයි.
නාරද ගල්ගැහිලා බලාගෙන හිටියා.
එයාට බයයි කියාගන්නබැරි සතුටකුයි දෙකම එකට දැනෙන්න අරගෙන. තේමියගේ නිරුවත් ඇඟට ඇහැ එකටම ගියානම් තමයි, ඊටපස්සේ නාරදට සේරටම වැඩිය පෙන්නගත්තේ දබර ඇඟිලිදෙකයි මැද ඇඟිලි දෙකයි එකට එක්කාසු කරගෙන හදලා තිබුණ 'හදවතේ හැඩය' දිහාවටයි.
YOU ARE READING
පෙම්බර වැද්දා
Romanceනාරද හිතේ තියෙන දේවල් බෙදාගන්න කියලා බොරු ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවා. ඒකට ආපු පලවෙනි මැසේජ්එකේ නම තිබුණේ "ලොකු වැද්දෙක් නෙමෙයි" කියල. එයා වැද්දෙක් නෙමෙයි නම් තමයි. තේමිය එක්ක දිගට චැට් කලාට කවදාවත් හම්බුවෙන්න යෝජනා කරාවි කියලා නාරද හිතුවේ නැහැ. ම...