තේමිය පාන්දර හතර හමාරට පහට... විතර අවදිවුනේ ඉවසගන්න බැරි බඩගින්නකින්.
වටේටම තිබුණේ කලුවරක්. මාළු ටැංකිවලට උඩින් දාපු ලයිට්වල මන්දගාමී ආලෝකය විතරක් වටේට පැතිරිලා තිබුණා. එයාට බයකුත් යන්තම් හිතට දැනෙන්න පටන් අරගෙන.
ආයෙත් ගෙදර යන්නද... එහෙමත් නැත්නම් නැත්තං නාරදලගේ ගෙදර යන්නද.. එහෙත් නැත්නම් නැත්තං රිස්වාන් ලග ගෙදරට යන්නද... තේමියට හිතාගන්න අමාරුයි.
'නෑ... මම කොහේවත් යන්නෙ නෑ. එතකොට අම්මටයි තාත්තටයි තේරේවී මම නැති කාලෙක එයාලට කොච්චර අමාරුයිද... හිත් වේදනාවක් දැනේවිද කියලා...'
තේමිය බොහොම මුරණ්ඩු ගතියකින් හිතුවා.
මුලදි නම් කේන්තියට එළියට බැහැලා දොස්තර සමරසිංහ මහත්තයාගේ කාර්යාලයෙන් ගියාට... ඊට පස්සේ එයාගේ හිතට ආවේ අම්මවයි තාත්තවයි යන්තමින් හරි රිද්දන්න ඕනෙ කියන පුංචි පළිගැනීමේ සිතුවිල්ලක්. ඒ වෙනකොට පළිගැනීමේ සිතිවිල්ල ආඩම්බර මුරණ්ඩු ගතියකට පෙරළිලා.
ගෙදර යන්න උවමනාවුණත් යන්න බැහැ වගේ.
බඩගින්න ඉවසගෙන ඉන්න බැහැ. කලින් දවසෙ දවල්ට කෑවත් හරි... ටැප් එකකින් වතුර ටිකක් බිවුවා මිසක්, කිසිම දෙයක් බඩට වැටුණේ නැහැ.
එතකොට පාරවල්වල ඉන්න ළමයි කොල්ලො ජීවත් වෙන්නේ කොහොමද?'
තේමිය එයාගෙන්ම ප්රශ්න කරගත්තා.
සිමෙන්ති බංකුව උඩ ඉදගෙන සීතලට අත්දෙකත් ඇඟ වටේ ඔතාගෙන හිටිය තේමියට අමුත්තෙක් මාළු ටැංකි අසලට ඇවිල්ලා එතන තිබුණු විදුලි පහන් දල්වකං දැනුනෙවත් නැහැ. අන්ධකාරය කඩාගෙන එකවරටම දීප්තිමත් ආලෝකයක් පැතිරිලා යනකොට තේමිය ඇස්දෙක කුඩා කරලා අවට බැලුවා.
එතන හිටගෙන හිටියේ තේමියටවඩා අවුරුද්දක් විතර වැඩිමහල් කොල්ලෙක්. ක්ලීනින් සර්විස්එකක ටී ෂර්ට්එකක්... කලුපාට දිග කලිසමක් ඇඳගෙන... පොඩි රබර් සෙරෙප්පු දෙකක් දාගෙන හිටිය ඒ කොල්ලගෙ එක අතක බකට් එකකුයි මොප් එකකුයි. අනෙක් අතේ තවත් බාල්දියක පිරිසිදු කිරීම්වලට ගන්න බෝතල් ජාති දාල තිබුනා.
![](https://img.wattpad.com/cover/333266278-288-k61324.jpg)
YOU ARE READING
පෙම්බර වැද්දා
Romanceනාරද හිතේ තියෙන දේවල් බෙදාගන්න කියලා බොරු ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවා. ඒකට ආපු පලවෙනි මැසේජ්එකේ නම තිබුණේ "ලොකු වැද්දෙක් නෙමෙයි" කියල. එයා වැද්දෙක් නෙමෙයි නම් තමයි. තේමිය එක්ක දිගට චැට් කලාට කවදාවත් හම්බුවෙන්න යෝජනා කරාවි කියලා නාරද හිතුවේ නැහැ. ම...