තෙමිය අත්දෙක ඔලුවේ ගහගෙන කල්පනා කරන්නගත්තා. එයා කොච්චනම් බයගුල්ලෙක්ද? ලැජ්ජාව නිසා ආයෙත් නොගියාට එයාගෙ හැසිරීම නාරදගෙ හිත රිදෙව්වා කියලා තේමියට දැණුනා.
නාරදත් එක්ක චැට්කරන්න ගනිද්දී කවදාහරි මාතෘකාව ඔය පැත්තට හැරෙනවා කියලා තේමිය නොදැන හිටියම නෙමෙයි. හිතේ තියෙන දේවල් කතා කරන්න වෙනවා කියලත් තේමිය දන්නවා. ඒත්, අන්තිමේදී යාළුවෙක් ඕනෙවෙලා තිබුණෙ ඇයි කියන තැනට අලුත් චැට් යාළුවා එනකොටම තේමීය බයවුනා. මෙච්චර කාලයක් බයනැතුව චණ්ඩියාවගේ නොදන්න මිනිස්සුන් එක්ක කතාකරපු කෙනා එයාගෙම වයසේ කොල්ලෙක්ගේ වචනවලට බයවුණු හැටි!
තේමිය තිගැස්සුනේ නාරද කියන්නයන දේ අහන්න අහගෙන ඉන්න බැරිකමකටවඩා, අහගෙන හිටියට පස්සේඑ ටයිප් කරන්න ඔනි උත්තරේ ගැන හිතද්දියි.
එක පැත්තකින් කොල්ලා සාධාරණයි. කවදාවත් කටක් ඇරලා කෙනෙකුට නොකිව්ව දෙයක්... තමන් වෙනුවෙන් නොපිළිගත දෙයක්... වෙනකෙනෙක් වුනත් කියද්දිත් ඒ වගේ දේකට මුහුණදෙන්න හිතට දෙගිඩියාවක් බයක් දැනීම අසාධාරනයිද? ඒක හරියට කිව්වොතින් ආයෙත් හැරිලා එන්න කොහෙත්ම විදිහක් නැති කඩඉමක් පහුකරනවා වගේ සිදුවීමක්.
අහසේ අකුණු පුපුරනකොට බයවෙලා පැනලායන එකවසරේ දෙකවසරේ පොඩි කොල්ලෙක්වගේ මුහුණට මුහුණවත් කතානොකරන කෙනෙක්ගෙන් පැනලයාම ගැන තමන්ටම දොස්කියාගත්ත තේමිය, ඊළඟට ඇඳට පැනලා බෙඩ්ෂීට්එක කකුලේ ඉඳල ඔලුව වෙනකම්ම පොරෝගෙන ගුලි ගෑහුණා.
🌻🌻🌻🌻🌻
තේමිය අනිත් දවසේ ඉස්කෝලේ ගියේනැහැ. සනීපනැහැ කියලා ගෙදර නැවතුනා. නොගියට මොකද, උදේ දහය වෙන්නත් කලින් රිශ්වාන් ඉස්කෝලේ ඇදුම පිටින්ම එයාලගේ ගෙදර. කොහොම ඉස්කොලෙන් ආවදවත් කියලා අහන්න තෙමිය වදවුනේ නැහැ. රිශ්වාන් හරියට කොච්චර ගලවලා අයින්කරන්න හැදුවත් ආයෙමත් ඇගිලිවල ඇලවෙන චුයුන්ගම් කෑල්ලක් වගේ කියලා තේමියට හිතුනේ ඔන්න ඔය වගේ වෙලාවලදියි.
ගේට්ටුව ඇරලා රිශ්වාන් ගේඇතුලට එන්න කියාගෙන සාලෙට ගියපු තේමිය එහෙම්මම මුනින් අතට සෝෆාවේ ඇදගෙන වැටුණා. රිශ්වාන් වෙන පුටුවක ඉඳගන්නවා වෙනුවට මුනින් අතට වැතීරීගෙන හිටපු තේමියගේ ඇඟ උඩින් හොලවන්න බැරිවෙන්න ඉඳගත්තා.
DU LIEST GERADE
පෙම්බර වැද්දා
Romantikනාරද හිතේ තියෙන දේවල් බෙදාගන්න කියලා බොරු ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවා. ඒකට ආපු පලවෙනි මැසේජ්එකේ නම තිබුණේ "ලොකු වැද්දෙක් නෙමෙයි" කියල. එයා වැද්දෙක් නෙමෙයි නම් තමයි. තේමිය එක්ක දිගට චැට් කලාට කවදාවත් හම්බුවෙන්න යෝජනා කරාවි කියලා නාරද හිතුවේ නැහැ. ම...