අට

1.4K 266 67
                                    

පස්සේ දවසෙකදි අවදිවුන නාරදට දැනුනේ වෙනදා නොදැනෙන්න ප්‍රබෝධමත්ගතියක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පස්සේ දවසෙකදි අවදිවුන නාරදට දැනුනේ වෙනදා නොදැනෙන්න ප්‍රබෝධමත්ගතියක්. අනිත් දවස්වලට එයා අවදිවෙනකොට ඇඟට දැනෙන තෙහෙට්ටුගතිය... නැගිටින්න බෑ බෑ... කියල හිතෙනගතිය... එලියට නොයා ගෙදර නැවතුනා නම් ඉවරයි කියලා හිතෙන හැඟීම්... කිසිම දෙයක් එයාට දැනුනේ නැහැ. වෙනදා වගේ නෙමෙයි කිහිලිකරු දෙක ඇදලා ලගටගත්තෙ බොහොම සතුටින්.

මේ කිසිමදෙයක් නැතුව උදේ පාන්දර අන්තිම මොහොත වෙනකන් ඇඳේ ඉදල අවසාන තත්පරේට බාත්රූම්එක්ට ගිහිල්ලා චූ කරලා මූණකට හෝදගෙන ඉස්කෝලෙටගියපු කාලෙකුත් තිබුණා.

හැබැයි තවදුරටත් නාරදට එහෙම බැහැ.

අන්තිම මොහොත වෙනකන් ඇඳටවෙලා හිටියොතින් මගදිගට චූකරකර තමයි ටොයිලට්එකට යන්න වෙන්නෙ කියලා නාරද දැන් අත්දැකිමෙන්ම දන්නවා.

ඒ විතරක් නෙමෙයි. වතුර වීදුරුවක් අතට ගන්නවා වගේ බොහොම පොඩිවැඩක ඉඳලා... පන්ති යන්න සූදානම්වෙනවා, එහෙමත් නැත්නම් අම්මලා තාත්තලාඑක්ක ගමනක් යන්න සූදානම්වෙනවා වගේ කල්වේලා යන වැඩක් වෙනකනුත් නාරදට සැලසුම් කරන්න දේවල් බොහොමයි. වැඩියදෙයක් ඕනේ නැහැ හදිස්සියකටකන කහන්න වුණත් අතක් නිදහස් කරන්න කලින් ඉන්නෙ කොහෙද වැටෙන්නෙ නැතිවෙයිද වගේ ගොඩක් දෙවල් කල්පනා කරන්න එයාට වෙනවා.

ඔයවගේ දේවල්වලට හිතෙන් කුණුහරප කියාගෙන බැනපු කාලේ එදා පාක්එකෙන් ඉවර වුනාවත්ද... කියලා නාරද කල්පනා කළා.

බාත් රූම්එකට ගිහිල්ලා ටොයිලට්එක උඩ ඉදගෙන දත්මදින අතරේ නාරද කල්පනාකළේ එදා දවසෙදි තේමිය පුංචි පුංචි දේවල්වලින් එයාට උදව්කරපු හැටිගැනයි. තේමියඑක්ක ගතකරපු කාලය කොයිතරම් නම් සතුටුදායක කාලයක් උනාද? එයාගෙ නොහැකියාවන් ගැන වෙනදට දැනෙන අමනාපය... කේන්තියන ගතිය... කිසිම දෙයක් එදා නොදැනුනු තරම්.

පෙම්බර වැද්දාWhere stories live. Discover now