මොකක්දෝ අමුතු දෙයක් සිදුවීගෙන යනබව නාරදට හවස් වෙනකොට තේරෙන්න පටන් ගත්තා.
තේමියට යවන මැසේජස් එකක්වත් එයාට ලැබිලා තියෙන බවක්පේන්න නැහැ. අනික කොච්චර වැඩවැඩිවුනත් වෙනදට පැයකින් දෙකකින්වත් ෆෝන්එක අතට අරගෙන එවලා තියෙන මැසේජ් මොනවද කියලා බලලා නාරදට පොඩියට රිප්ලයිඑකක් බැරිවුනොත් අඩුමගානේ ඉමෝජි එකක්වත් එවන නාරද පැය ගණනාවකින් ඔන්ලයින් ඇවිල්ලා නැහැ.
'සමහරවිට අද දොස්තර සමරසිංහව හම්බවෙන්න යනවා කියපු නිසා වෙන්න ඇති...'
නාරද එහෙම හිතලා හවස්වරුවම හිතාහදාගත්තට රෑවෙන්න රෑවෙන්න එයාගෙ හිතට නැගෙන්නවුණු බය වැඩිවෙන්න ගත්තා. ඉවසගෙන ඉන්න බැරිම තැන නවය විතර වෙනකොට එයා රිස්වාන්ට කෝල්එකක් ගත්තේ ඒහින්දයි.
YOU ARE READING
පෙම්බර වැද්දා
Romanceනාරද හිතේ තියෙන දේවල් බෙදාගන්න කියලා බොරු ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවා. ඒකට ආපු පලවෙනි මැසේජ්එකේ නම තිබුණේ "ලොකු වැද්දෙක් නෙමෙයි" කියල. එයා වැද්දෙක් නෙමෙයි නම් තමයි. තේමිය එක්ක දිගට චැට් කලාට කවදාවත් හම්බුවෙන්න යෝජනා කරාවි කියලා නාරද හිතුවේ නැහැ. ම...