තේමියට තනිවෙන්න දෙන්න බැහැ.
නාරද තීරනය කලේ, තවමත් තේමියගෙන් උත්තරයක් එයාගේ මැසෙජ්වලට ආවෙ නැතිකොටයි.
තේමියට නාරදව තනිකරල දාලයනව නං, එහෙම කරන්න ඕනේ තරම් අවස්ථා තිබුණා. වැඩි දෙයක් අවශ්‍ය නැහැ... නාරදව අතඇරලා දානවානම් එහෙම කරන්න තිබුනේ ඒ දෙන්නා මුණගැහුණු පළවෙනි දවසෙදියි.
නාරදට තාමත් හොඳට මතකයි. තේමිය එදා ග්ලාස් හවුස්එක ලඟට ඇවිල්ලා හැරිලා ගිහිල්ලා ආයෙමත් සැරයක් ආපු හැටි. එයා කියපු වචන... ඒ මුල්ම දවසේ හිතට දැනුණු හැගීම.... නරදගේ ඔලුවේ හොඳට රැඳිලා තියෙනවා.
එහෙම සතුටක් ලැබුනෙ තේමිය නිසායි. නාරද නොවින්ඳ ආකාරයේ අත්දැකීමක්... ආදර සම්බන්ධයක්... අත්විඳින්න ලැබුණේ තේමිය නිසායි. නාරද වෙනුවෙන් හැම දෙයක්ම කැකරපු තේමිය වෙනුවෙන් යමක් කරන්න අවශ්‍යයි කියලා නාරද බොහොම දැඩි තීරණයක් අරගත්තා.
එහෙම හිතපු නාරද, කිහිලි කරුදෙකට වාරුදී ගෙන ගෙදර සාලෙට ඇවිදගෙන ගියේ හිත වේගයෙන් ගැහෙන අතරේ. තේමියත් නාරදගේ වයසෙම ළමයෙක්. එහෙම වයසක කෙනෙක්ට තව කෙනෙක් වෙනුවෙන් වැරැද්දක් සම්පූර්ණයෙන්ම බාරඅරගෙන... ජීවිතයට ලොකු ප්‍රශ්න එනවා කියලා දැනදැනත්... තමන්ගේ අම්මලා තාත්තලා වගේම සමාජයේ අනිත් මිනිසුන්ගෙනුත් බැනුම් අහන්න ලැජ්ජාවට පත්වෙන්න සූදානම් කමක් තිබුණ නම්... කොහොමද නාරදට ඒ වගේ දෙයක් කරන්න හිතහයිය නැති වෙන්නේ?
තේමියට වගේම මටත් ඕනෙම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න පුළුවන් කියන ධෛර්යය නාරද හිතේ ගොඩනඟා ගත්තා.
මංගල නෝනයි අභය මහත්තයයි කුසේ තාමත් වැඩ. මල්ලි නම් නිදාගන්න ගිහිල්ලාද කොහෙද... එහෙම නැත්නම් කාමරේට වෙලා එයාගේ වැඩක් බලාගෙන පාඩම් කරනවා ඇති.
කුස්සියෙ තිබුනෙ දාපු ටියුබ් ලයිට්එකන් වැක්කෙරෙන බොහොම දීප්තිමත් එළියක්. මංගලා නෝනයි අභය මහත්තයයි අනිත් දවසේ කෑම කඩේට උවමනා දේවල් හරිගස්සන්න ගජරාමෙට වැඩ.
නාරද එනකොට එකටම ඔලුව උස්සලා බැලුවේ අභය මහත්මයා. "මොකද ළමයෝ... පාඩම් කරන්නැද්? නැත්නම් නිදගන්න බැරිද?"

YOU ARE READING
පෙම්බර වැද්දා
Romanceනාරද හිතේ තියෙන දේවල් බෙදාගන්න කියලා බොරු ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවා. ඒකට ආපු පලවෙනි මැසේජ්එකේ නම තිබුණේ "ලොකු වැද්දෙක් නෙමෙයි" කියල. එයා වැද්දෙක් නෙමෙයි නම් තමයි. තේමිය එක්ක දිගට චැට් කලාට කවදාවත් හම්බුවෙන්න යෝජනා කරාවි කියලා නාරද හිතුවේ නැහැ. ම...