දොලහ

1.3K 246 46
                                    

අවසර ගැනිල්ල අන්තිම මොහොත වෙනකල් කල්දාපු නාරද ඊලඟට අම්මගෙන් එකටම කාරණාව කියලා අහන්න හිතුවේ, අම්මා හා කිව්වොත් තාත්තා එපා නොකියන නිසයි. 

පෝයට දවස් තුනක් තියලා හොරගල් අහුල අහුල... නාරද අම්මා ලඟට කිට්ටුවුණා.

නාරද එයාගෙ අම්මල තාත්තලාට බොරු කියන්න හරිම අකමැතියි. විශේෂයෙන්ම ඇත්ත හංගලා ගමන් යන්න අකමැතියි. වෙන දේකාටත් වඩා එයාගේ බය තිබුණේ එහෙම හොරෙන් ගමනක් ගිහිල්ලා කරදරයකට පත්වුණොත් උනොතින් කොහොමද අම්මටයි තාත්තටයි මුහුණ දෙන්නෙ කියල හිතන කොටයි.

අනෙක් අතට තේමියගේ අම්මයි තාත්තයි නං තේමිය එයාගේ යාලුවොත් එක්ක සති අන්තය ගතකරනවට එහෙමෙහෙ ඇවිදිනවා  බොහොම කැමතියි. තේමිය බාලකාලෙදි ගෙදර වැඩකරන්න හිටිය මනුස්සයාගෙන් කරදරයට ලක්වුණු දවස්වල ඉඳලම වැඩිමනක් යාළුවෝ එක්ක කාලේ ගෙව්වොතින් පුංචි හිතට විදින්න සිද්දවුණු දුක්කම්කටොලු වේදනා අමතක කරලා අනාගත ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් වෙන්න නාලිකා නෝනයි තිලක් මහත්තයායි ගත්ත පියවරක් ඒක.

තේමියගේ යාළුවගේ ගෙදර පිහිනුම් තටාකයේ පිහිනන්න යන්නෙ කියලා කිව්වත්... එතන බොහොම ආරක්ෂාකාරී තැනක් කියලා කිව්වත්... නාරදට බය වෙන්න කිසිම හේතුවක් නැහැ කියලා කිව්වත්... නෝනයි මහත්තයයිනං එකපාරටම යන්න දෙන්න කැමැතිවුණේ නැහැ.

"කවුද එන්නේ?" නාරදගේ අම්මා, මංගලා නෝනා පොඩ්ඩක් බයවෙලා වගේ ඇහුවේ වචනත් හදිස්සියට පිටකරන ගමන්.

"මගේ කට්ටියයි.... තේමියගේ යාලුවයි..." නාරදගේ මුණෙ තිබුණ හිනාව බාගෙකින් අඩුවුනා.

"වෙන?"

"එච්චරයි..."

"තේමියගේ අම්මලා තාත්තාලා?"

රිස්වාන්ලගේ ගෙදරනේ යන්නෙ අම්මා..." නාරද හීන් හඬකින් කිව්වා. "අනික එයාලට වැඩ ඇති..."

"හද්දිස්සියක්වත් වුනොත්?" මංගලා නෝනා එච්චරවෙලා හිමින් ලියලියා හිටිය ලූණු ගෙඩිය නාරදගේ ඉල්ලීම ඇහුවට පස්සේ එයාට වැරැද්දක් කරපු ගානට කොටාගෙන කොටාගෙන යන්න ගත්තා. "ඔක්කොම පොඩි ලමයිනේ. අනික ඔතන පීනන්න පුළුවන් කෙනෙක්ට ඉන්නේ ඩියොන් විතරයි. එයාටත් ඔයාව බලන්නයි අනෙක් අයව බලන්නයි ඔක්කොම කරන්න බැහැනේ..."

පෙම්බර වැද්දාWhere stories live. Discover now