මතකද පට්ටම පට්ට මෝඩවැඩක් කරලා ඉවරඋනාට පස්සේ හිතට දැනෙන හැඟීම? අර... ඇයි දෙයියනේ මම එහෙම දෙයක් කළේ...? ඊටවඩා හොඳයිනේ මම ඒක නොකරහිටියා නම්... දැන් මම කරපු දේ බලාගෙන හිටපු මිනිස්සු මොනව හිතෙයිද දන්නේනැහැ... දන්නහඳුනන මනුස්සයයෙක්ට ආරංචි වුනොත් මොනව කියයිද දන්නේ නැහැ... කියලා හිතට දැනෙන හැඟීම?
මැසේජ්එක යවපු වෙලාවේ ඉඳලා රෑ එළිවෙනකම් නාරදට හිතුනෙත් ඔව්වාම තමයි.
අනිත් පැත්තට වචනවලට හරවගන්න බැරි සතුටක් හිතට දැනෙන්න අරගෙන. අන්තිමේදි එයාගේ බලාපොරොත්තුව ඉෂ්ඨවෙලා. හිතේ තියෙන දේවල් කතාකරන්න පුළුවන් විදිහේ කෙනෙක්ව හම්බවෙලා.
හායි. මම කැමතියි.
පණිවිඩය සටහන්වෙලා තිබුනේ එච්චරයි. ඒඋනාට වචන තුන නාරදට දැනුනේ ලොකු කතන්දරයක් කියවල ඉවරකරනකොට දැනෙනවා වගේ සැනසිල්ලක්.
නාරදට එයාට ආපු මැසේජ්එක අයිති ප්‍රොෆයිල්එකේ නම මතක්වෙනකොටත් හිනා. රිප්ලයිඑකක් ලැබුනඑක ගැන සේරටමවඩා සතුටුයි.
වැද්දා.
ඒත් එක්කම නාරදට බයකුත් දැනුනා. පොඩිඑකෙක් වගේ විහිළුකරන්න ගිහිල්ලා කතාකරන්න ආපු එකම මනුස්සයාත් අතුරුදහන්වෙලා ගියෝතින්? නාරද දන්නවා... එයා එච්චරම ආකර්ෂණීයබවක් ඇතිවිදිහේ කොල්ලෙක් නෙමෙයි. දැන් ඉන්න එයාගේ වයසේ කොල්ලෝකෙල්ලෝ බලාගෙනම ඉන්න අවදානයගන්න. ලස්සන ඇඳුම් පැළඳුම්... පොශ් තැන්වලට ගිහිල්ලා ගත්තු පින්තූර... ට්‍රැවල් කරලා ගත්තු පින්තූර... ඒ කිසිම දෙයක් නාරද මෙතෙක් කාලයක් තිස්සේ කරල නැහැ ඉස්සරහට කරන්න පුළුවන්වෙයිද කියලත් එයාට සැකයි. එහෙමඑකේ පොඩි ළමයෙක් වගේ විහිළුකරන්න ගියහම වැද්දා කොහොම එයාගැන හිතෙයිද?
YOU ARE READING
පෙම්බර වැද්දා
Romanceනාරද හිතේ තියෙන දේවල් බෙදාගන්න කියලා බොරු ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවා. ඒකට ආපු පලවෙනි මැසේජ්එකේ නම තිබුණේ "ලොකු වැද්දෙක් නෙමෙයි" කියල. එයා වැද්දෙක් නෙමෙයි නම් තමයි. තේමිය එක්ක දිගට චැට් කලාට කවදාවත් හම්බුවෙන්න යෝජනා කරාවි කියලා නාරද හිතුවේ නැහැ. ම...