හත

1.4K 261 65
                                    

අන්දර වැට පහුකරගෙන ගිහිල්ලා ලගම තිබුණු ලස්සන යක්ඩන් හදපු ලයිට් කණුවකට හේත්තුවුණු තේමිය වේගයෙන් සුසුම් හෙලන්න පටන්ගත්තා.

දෙයියනේ නාරදට හරියට ඇවිදගන්නත් බැහැ. මෙන්න මෙයා උඩ පැනගෙන බයිසිකල් පදින්න හිතාගෙන ටිකටුත් අරගෙන එනවා. නාරද බයිසිකල් පදින්න ඉගෙන ගත්තෙ නැහැ කිව්වේ ඇත්තටම බැරිකමට. ඔලුව සුලි කුණාටුවක් වගේ කැරකෙනකොට උනේ මොකක්ද කියලා කෙළවරක් අල්ලගන්න තේමිය ලොකු උත්සාහයක්ගත්තා.

මෙච්චර දවසක් තිස්සේ කතාකරලා... මෙච්චර දවස තිස්සේ හීන දැකලා... හම්බ හම්බවෙන්නආපු කොල්ලා--- ඒ වචනයෙන් තේමියටය කටින් පිට කරන්නතියා හිතින් හිතාගන්නත් බැරිතරම්.

නැහැ! වෙන්න බැහැ! ඊලඟට තේමියට හිතුනා. අබ්බගාත කියන වචනය නාරදට ගැළපුණේ නැහැ. කවදාවත්ම ගැළපෙන එකක් නැහැ.

තේමිය දන්නෙම නැතුව ලයිට් කණුවේ ලග බිම ඉඳගැස්විලා. ඇස්දෙක කඳුළුවලින් බරවෙලා. පපුව පැලිලායන්න තරම් ආඩම්බරයක් දැනෙන්න අරගෙන. නාරදට ගෙදරින් පිටත්වෙලා එයාව හම්බෙන්න එන්න කොච්චර දහිරියක් තියෙන්න ඕනෙද? කොච්චර බලාපොරොත්තුවක් තියෙන්න ඕනෙද? කොච්චර විශ්වාසයක් තියෙන්න ඕනෙද?

තේමිය ටිකට්දෙක අරගෙන නවලා සාක්කුවට දාගෙන ඇස්වල කදුළු පිහිදගත්තා. ඊටපස්සේ ආයෙමත් සැරයක් මින් මැදුර පැත්තට ඇවිදගෙන යන්නවුනා.

අන්දර වැට පහුකරනකොටම නාරද පැත්තක තියෙන සිමෙන්ති බංකුවකටවෙලා කිහිලිකරු දෙකත් බංකුවෙම පැත්තකට හේත්තුකරගෙන ඔලුව පහත්කරගෙන බොහොම දුකෙන් බලාගෙන ඉන්නහැටි තේමියට පෙනුනා. ඒත් තේමිය ළඟට යනකලුත්ත් නාරද නෙමෙයි ඔළුවවත් ඉස්සුවේ.

නාරදට දැනුණේ තනිකමත්. අනතුර වෙච්ච අට වසරෙ ඉඳලම එයා හිටියේ ඔලුව නවාගෙනම තමයි. තනිකමෙන් දුකින්. යාලුවෝ හිටියට ඒ කාටවත් නාරදගේ ඇත්තම තත්වේ තේරුම්ගන්න අමාරුවුණා. හැමදාම ඉස්කෝලෙදි මුණගැහිලා කතාකරන යාලුවොත් නාරදව තේරුම් නොගන්නකොට මාසයක් විතර කතාකරපු තේමිය දැක්කගමන් එයාව දාලාගියයි කියලා ඇයි මෙච්චර දුකක්?

පෙම්බර වැද්දාWhere stories live. Discover now