දහය

1.4K 276 56
                                    

තේමිය අමුත්තක් නොපෙන්වා ඉන්න උත්සාහගත්තට, නාරද එක දවසක් හරි කතා නොකර හිටියොතින් හිත ඇතුලේ එයාට ලොකු බයක්.

නාරද මට කලින් ආදරේකරාට දැන් ඒ ආදරේ වෙනස්වෙලා ඇති.... මොනහේතුවක් නිසාද මං මගේ කෙනෙකුට නාරද ආදරේ කරන්නේ....? ශුවර් එකටම දැන් මගේ ගැන ආදරයකටවඩා ඇත්තේ අනුකම්පාවක්... මම මහ මෝඩයෙක්! මොන කෙහෙල් මලකට පුංචිකාලේ දේවල් එයාට කියන්න ගියාද මන්දා! දෙයියනේ.... නාරද මාව මඟහැරලාදාලා යන්නද හදන්නේ?

පුංචි වැස්සක් වගේ පටන්ගන්න තේමියගේ සිතුවිලි පරම්පරාව, ටිකෙන් ටික ලොකුවෙලා ගිහිල්ලා කුණාටුවක් වගේ එයාව තෙතබරිත කරලාදානවා.

රිස්වාන් නම් කිව්වේ අතීත සිදුවීම් හංගන්නෙ නැතුව නාරදට කිව්වේ එක හොඳයි කියලා.

එක පැත්තකින් ඒ කතාවේ ඇත්තක් නැතුවම නෙමෙයි. තව කල්ගිහිල්ලා ඔහොම බරපතළ මාතෘකාවක් මතුකරනවටවඩා මුලදිම ඒ සම්බන්ධයෙන් කථාබහක් ඇති උන ඒක හොඳයි කියලා තේමියටත් දැනුනා.

ඒත්... නාරද මොනවනම් හිතන්න ඇතිද?

ඒ සිදුවීම අවසන්වුණු කාලේ තේමියට අදඊයේ වගේ මතකයි. හොර රහසේ පොලිසියට ගිහිල්ලා පොලිස් නෝනාකෙනෙක් එක්ක කතාබහ කරපු තැන ඉඳලා... මානසික වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාරගන්න අම්මයි තාත්තයි එයාව එක්කරගෙන ගිය හැටි දක්වා හැමදෙයක්ම එයාට මතකයි.

පෙළක් මිනිස්සු ගෙදර වැඩකරපු මනුස්සයගෙ දොස් දකිනකොට... තවත් කොටසක් මිනිස්සු අම්මටයි තාත්තටයි වැරදි කියපු හැටියට මතකයි. කලින් ගියපු ඉස්කෝලෙන් අයින්කරලා අම්මා විදුහල්පති හැටියට වැඩකරපු ජාත්‍යන්තර පාසලට ඇතුලත් උන හැටිත් මතකයි. කවුරු කොහොම කිව්වත්... හැමදෙයක්ම එයාගෙ වැරැද්දෙන්උනේ කියලා බොහෝ කාලයක් තිස්සේ පසුතැවිලි වෙච්චහැටිත් මතකය.

නෑ.... ඒ මගේ වැරද්දක් නෙමෙයි.

එහෙම දැඩි තීරණයක් හිතටගන්න තේමියට ගොඩ කාලයක් ගතවුණා.

තේමිය අතීතය අමතකකරලා දාලා... අනාගතය වෙනුවෙන් වර්තමානයේ ජීවත්වෙන්න උත්සාහ කළා. ඒ උනාට... පෙනෙන්නේ තුවාල කැලැල්වලට වඩා නොපෙනෙන තුවාල කැලැල් බොහොම වේදනාකාරීයි.

පෙම්බර වැද්දාWhere stories live. Discover now