දහතුන

1.2K 247 60
                                    

ඔව්... නිශාදි තවමත් කෙලින් ඉන්න හරිහැටි පණක් නෑ..

පූල් එකෙන් ගොඩ එනකොට වතුර පෙවිලා හිටියට ලොකු වෙලාවක් ගතවෙන්න කලින්ම පිහිනුම් තටාකයෙන් ගොඩට ගෙනල්ලා ඉක්මනට ප්‍රතිකාර දුන්නට පස්සේ නිශාදට සිහිය ඇවිල්ලා තියෙද්දිත් එයා තවමත් ඇස් දෙක පියාගෙන ඇලවෙලා. ඩියොනුයි රිස්වානුයි එලියට උස්සගෙන එන හැටි දැක්කම නාරදටත් යන්තම් බය හිතුනා. හැබැයි රිස්වාන් නිශාදිට අවශ්‍ය ප්‍රථමාධාර දුන්නේ බොහොම හුරුපුරුදු විදිහට.

තේමිය නොහිටින්න බය වෙච්ච බය විල්ලට නාරදත් ගිලිලා මැරෙනවා. තේමිය නාරදව අල්ලගෙන බදාගෙන හිටියෙ පූල් එකට වැටුණේ නිශාදි නෙමේයි නාරද කියලා හිතාගෙන වගේ.

තාත්තා එන්න අවසර දුන්නට බොහොම සතුටින් හිටපු නාරදට දවසේ පලවෙනි වතාවට පොඩි දුකක් දැනෙන්න පටන් ගත්තා. අම්මත් වැරදි නැහැ.

ඔහොම දෙයක් නාරදට වුනානම්?

"ඉස්පිරිතාලේ ගෙනියන්න වෙයිද?" චරිත් බයෙන් වගේ ඇහුවා.

"පේන්න නම් අමාරුවක් නැහැනේ..." ඩියොන් නිශාදි ඉඳගෙන ඉන්න තැනින් නැගිට්ටෙවත් නැහැ. බලාගෙන ඉන්න ඔක්කොමල්ලට වගේ ඒ වෙනකොට ඩියොන්ගේ හිතේ නිශාදි ගැන තියෙන අදහස පහැදිලි වෙලා ඉවරයි.

"පේන්න අමාරුවක් නැතිවුනාට ඔලුවනේ වැදුනේ..." චරිත් ආයෙමත් කෙඳිරුම් හඬින් කිව්වා.

චරිත් කිව්වේ ඇත්ත.

නිශාදි ගේ ඔලුව පුල්.එකේ අයිනේ වැදිච්ච තැන යන්තම් ගෙඩි ගැහිලා ඉදිමිලා කියලත් පේනවා. ඩියෝන් ළඟ තිබුණු පොඩි ටවල් එකකට පිඹලා රස්නෙ කරලා නිශාදිගේ නලල තඩිස්සි වෙලා තිබුන තැන තවන්න පටන්ගෙන.

නාරදට නම් හිතුනා ඩියොන් වගේ යාළුමිත්‍රයෝ ගොඩක් ආශ්‍රය කරන්න කැමැති කෙනෙක්ට නිශාදි වගේ කෙනෙක්ව නම් ගැලපෙන්නෙත් නැහැ කියලා. ඒත් නාරද එයාගේ හිතේ මතුවුනු ගැලපීම් නොගැලපීම තමන්ටම තියාගෙන නිකං හිටියා. මොකෝ... පිටින් බලලා කාටහරි කියන්න පුළුවන්ද තේමියයි එයයි ගැලපෙනවා කියලා? දකින කෙනෙක් කියාවි කවදාවත් ඒ දෙන්නන නම් යාලුවෙන එකක් නැතෙයි කියලා. ඒත් නාරදයි තේමියයි යාළු නැද්ද?

පෙම්බර වැද්දාWhere stories live. Discover now