*26

227 52 2
                                    

" අනේ මන්දා මහත්තයා අපේ පුතා අර ළමයාගේ ඇද උඩ ඉදන් නෙක් කිස් එකක් දෙන ගමන් හිටියේ "

" අපේ කොල්ලා එහෙනම් ටොප් වෙන්න ඕනි "

පඩි පේලේ බාගයක් බැහැගෙන ආපු jikook දෙන්නට පල්ලෙහා jungkook ගේ අම්මයි මිස්ටර් ජන්ග් නුයි කතා කරනවා ඇහුනා.

" මොන හු - "

Jungkook ට කියවෙන්න යද්දිම jimin එක නැවැත්තුවා.

" ශ්..පොඩ්ඩක් කියන එක අහන් ඉදහන්කෝ"

Jimin jungkook ගේ කනට කරලා මුමුණාල jungkook ගේ කට අත ඇරියා.

" අපේ කොල්ලා මාසයක් එහේ ඉඳන් දෙන්න එක්ක මොනවා කරාද දන්නේ නෑ..."

' එහෙම මුකුත් කරේ නෑ රත්තරං අම්මේ..' jungkook ට හිතෙද්දි jimin ට හික් ගෑවුණා.

" කොහොමත් ඔය jimin ළමයත් හොදට ඉගෙන එහෙම ගන්න පුළුවන් ළමයෙක්. අනිත් එක වැම්පයර්  කෙනෙකුත් එක්කනේ. "

" අපි ඉතින් බලන් ඉමුකො ග්‍රජුවේශන් එකෙන් පස්සේ ඔව්ව පිළිවෙලක් එහෙම කරලා දෙන්න බැරියැයි "

Jungkook ගේ අම්මගෙයි තාත්තගෙයි සංවදේ ඇහිලා ජීමින් ජම්බු ගෙඩියක් වෙද්දී jungkook ට පොළෝ පලාගෙන යන්න හිතුන. Jungkook ට හිතුණේම

'තව පැය දෙකකින් තුනකින් jimin නම් ගෙදර යයි ඊට පස්සේ ත් මන් එපැයි මේ ගෙදර ඉන්න.මන් කොහොමද තව දුරටත් රෙද්දක් ඇදැන් ඉන්නේ.'

" කුක්කෝ පල්ලෙහට යන් "

දෙන්නම ලොකු හුස්මක් අරන් පල්ලෙහට ගියා. ඒ දෙන්න පල්ලෙහට එනවා දැකපු jungkook ගේ අම්මයි මිස්ටර් ජන්ග් නුයීත් එයාලගේ කතාව නවත්තලා ඒ දෙන්න දිහා බැලුවා. Jimin දෙන්නත් එක්කම හිනා වෙලා අඩිය තියද්දිම පාපිස්ස පැටලිලා jungkook ගේ ඇගට ගොඩ බෑව . අහිංසක jungkook මැජීක් පලස වෙද්දී jimin ඇලඩින් වගේ මැජික් පලස උඩ දිගා උනා .

" තෝගේ අම්මට පියාබන්නද යාකෝ හදන්නේ.."

අහක බලන් දාපු බිත්තර ආප්පයක් වගේ jungkook පොළොව බදාගෙන ඉද්දී jimin jungkook ගේ පිට උද එරමිණිය ගොතා ගෙන හිටියා.

" අප්පාගේ බූතලේ කියලද හිතන් ඉන්නේ ...නැගිතපිය යකෝ "

" හරි හරි ඉතින් දාන්න නැත්ද සුට්ටක් ..හේ හේ "

Jimin ඉක්මනට නාගිටිද්දි jungkook කොන්දත් අල්ලන් නැගිටලා ඒ විදියටම කොන්ද අත ගගා මෙසෙන් ඇවිත් ඉදගත්තා...

" අම්මේ අදනම් තවලා බාම් ගන්නම වෙනවා.."

Jungkook මුණත් දෙක කරන් එහෙම කියද්දී කට්ටියටම හිනා ගියා.

" සොරි ජංකුකී... ජීමිනී හිතලා කරේ නෑ.."

Jimin තොලුත් උල් කරන් jungkook ගේ කොන්ද අත ගාන ගමන් කියද්දී , එක දැකපු jungkook ගේ අම්මාගේ හිත jimin ට ඇදිලා ගියා.

" හරි හරි දැන් කට්ටියට ම බඩගිනිත් ඇතිනේ කෑම කාලා ඉමු.."

" ජිමිනී..දරුවෝ බය නැතුව ඕනි එකක් තැති තරම් බෙදාගෙන කන්න..මෙහෙ හදන කිසිම කෑමකට සුදු ළූණු දන්නේ නෑ හරිද "

" හරි ඇන්ටි.."

" අම්මා කියන්න දරුවෝ.."

Jimin ඇස් දෙකත් කම්මුල් අස්සේ හංගගෙන රතු වෙන ගමන් ලස්සන හිනාවක් jungkook ගේ අම්මා ට පා කරා.

" අ..අම්මා "

Jimin එයාගේ ජීවිතේ පලවෙනි පාරට එයාගේ මුළු හදතින්ම " අම්මා " කියලා කතා කරා.jimin ගේ තරු ඇස් වලට සතුට වැඩි කමටම කදුළු බිංදු උනන්න පටන් ගත්තා.

" ජී... ඇයි අඬන්නේ.."

Jungkook කෑමත් පැත්තක දාලා බය වෙලා ජීමින්ගේ කදුළු පිහිදන ගමන් ඇහුවා.jungkook ගේ අම්මත් බය වෙලා jimin ගේ එහා පැත්තෙන් ඉඳ ගත්තා.

" සතුතට"

Jimin කදුළු අතරින් මිමිණුවා.

" සතුටට කවුද ළමයෝ අඬන්නේ මන් බය උනා.."

Jungkook jimin ව බදාගෙන කියද්දී මිස්ටර් ජන්ග්ට ලා හීනාවක් ගියා..

" ම..මත ඉතිම්..අම්මා කීන්න කෙනෙක් ඉදලා නෑ නේ..ඉතින් ජීමිනිට තතුටු හිතුනා.."

Jungkook ගේ අම්මා ඉක්මනට ජිමින්ව බදා ගත්තා.එයට තේරුණා jimin කියන්නේ කොච්චර අහිංසක ළමයෙක්ද කියලා..

" දැන් මගේ පුතාට අම්මයි තාත්තා යි දෙන්නම ඉන්නවා .කෝ ඉතින් අඩන්න එපා... ඔන්න ජීමිනී මන් එනවා ඔයාගේ ග්‍රජුවේෂන් එකට..මගේ පුතා මහන්සි වෙලා පාස් වෙන්න වැඩ කරා නේද..."

Jimin jungkook ගේ අම්මාගේ තුරුලේ ඉදන්ම ඔලුව වැනුවා. Jimin ට කියාගන්න බැරි තරම් සතුටුයි.

" හරි හරි අපි එහෙනම් කමු..අද ජිමිනිට අම්මා කවන්නම්"

________________________________________________

💀 ඉවර වෙන්න ලඟයි ඩාලින්ස් ... මොකෝ කියන්න ඉවර කරන්නද , දෙවෙනි ඉනිම වගේ තව අදින්නද.,😉❤️

Human kiss / vampire / jikook [ Complete ] Where stories live. Discover now