𝙰𝚗𝚐𝚎𝚕,𝚠𝚑𝚎𝚛𝚎 𝚊𝚛𝚎 𝚢𝚘𝚞 ?

790 131 11
                                    

"ඔම්මා...අයිත්ක්ලීම්."

"තාම අපි ඔක්කොම බඩු ගත්තේ නෑනේ මැණික.චුට්ටක් ඉවසන්නකෝ."

"ඔයා හලි නෝටි."

ලිලී මීහිගේ අතින් එයාගේ චූටි අත ගලවගත්තා.පුරුදු විදියට එයාලා සන්ඩේ මාකට් එකට ඇවිත් තියෙන්නේ ගෙදෙට්ට බඩු ගොඩක් අරගෙන යන්න...ලිලී ගොඩක් ආසයි ශොපින් එන්න එයාගේ ඔම්මගෙන් හම්බවෙන අයිස්ක්‍රීම් එක නිසාම...ඒත් අද ඒක පරක්කුයි.

"ඕහ්..අන්න මීට්ස්...ඔයාගේ පපාලා දෙන්නම මල පෙරේතයිනේ පෝර්ක් බෙලීස් වලට.ඒවා අරන් අපි අයිස්ක්‍රීම් එකක් ගමු හරිද?...මගෙ ලිලී තරහා නෑ නේද මැණික?"

"ඕකේ ඔම්මා."

"හොඳ පැටියා."

මීහි මස් කඩේ අයිතිකාර ගෑනු කෙනා එක්ක කතා කර කර ඉද්දි ලියෝනි එයාගේ බෝල ඇස්වලින් මැන්චෙස්ටර් ටවුන් එක හතර වටේම බැලුවා.ඒ වගේම එයාගේ පුංචි ඇස් එක තැනක නතර වුණා.

"ඔම්මා..ඔම්මා අර..."

ලියෝනි මීහිගේ ගවුමෙන් ඇදලා පෙන්නුවේ එයාලා ළඟම හිටපු ලස්සන තඩි ටෙඩි බෙයාර් කෙනෙක්.

ලියෝනි මීහිගේ ගවුමෙන් ඇදලා පෙන්නුවේ එයාලා ළඟම හිටපු ලස්සන තඩි ටෙඩි බෙයාර් කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඕහ්...මගෙ ලිලීට එයා එක්ක සෙල්ලම් කරන්න ඕනිද?"

ලිලී හරිම ආසාවෙන් ඔලුව වැනුවා.

මීහි දන්නවා එයාගේ පුංචි බෝනික්කි මේ වගේ අයත් එක්ක සෙල්ලම් කරන්න ගොඩක් ආසයි කියලා.මොකද කලින් පාර පාරේ ඩාන්ස් කර කර හිටපු තඩි පෙන්ගුයින් කෙනෙක්ගෙන් ලිලීට චොකලට් එකකුත් හම්බවෙලා තිබ්බා.ඉතින් මීහි ලිලීට කිව්වේ එයාගේ ඔම්මා මීට්ස් ගන්නකල් එයාට ටෙඩිත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන් කියලා.

𝙰 𝙼𝚘𝚝𝚑𝚎𝚛 | 𝙺𝚃𝙷 | 🖤🍁|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||Where stories live. Discover now