"නෑ..ටේහ්‍යුන්..."
මීහි දරුවෝ දෙන්නව අතෑරලා එයාගේ කාර් එක ළඟට දිව්වේ එයාගේ නයිට් ඩ්‍රෙස් එක පිටින්මයි.
"ප්ලීස් ටේහ්‍යුන් ප්ලීස්...ඔයාට බෑ..."
එයාගේ කාර් එකේ ලොකේශන් එක වැටිලා තිබ්බේ ක්ලිෆ්ටන්වලට.
පුරුදු විදියටම එදත් පාලම පාලුවට ගිහින්.
"ටේහ්‍යුන්..."
එයා කාර් එකෙන් බැස්සා...
"ටේහ්‍යුන් කතා කරන්න...ටේහ්‍යුන්..."
පාලම දිගේ නයිට් ඩ්‍රෙස් එක පිටින්ම පිස්සියෙක් වගේ ඇවිදින මේ කෙල්ලව දැක්කනම් මිනිස්සු අනිවාරෙන්ම හිතයි මේ ඉන්නේ පිස්සු හැදිච්ච කෙනෙක් කියලා.ඒත් සමහරවිට එහෙම හිතන එකක් නැතිවෙයි...මොකද එයා හිටියේ ක්ලිෆ්ටන් එල්ලෙන පාලම උඩ නිසා...
එයා අමාරුවෙන් පඩිපෙළ නැඟලා පාලමේ බටහිර මුදුනට නැග්ගා.කාලෙකට කලින් එයා එතනට වෙලා ඒවොන් ගඟ දිහා බලන් හිටපු හැටි මීහිට මතක් වුණා.ඒත් එයාට අද ඒක කරන්න අමාරුයි.මොකද එයාගේ ඇස් කදුළු රැලිවලින් වැහිලා තිබ්බේ..මේ ඒ ගැන හිතන්න වෙලාව නෙවෙයි.එයා ටේහ්‍යුන්ව හොයාගන්න ඕනි...
"ටේහ්‍යුන්..."
එයා ආයෙත් පාරක් හයියෙන් කෑගැහුවා...අනේ ටේහ්‍යුන්ට බෑ එහෙම කරන්න.
"මීහි..."
කෙල්ල වේගෙන් අනික් පැත්ත හැරුණා.ඒත් තමන් කතා කළාම මීහි එච්චර ශොක් වෙයි කියලා ටේහ්‍යුන් හිතුවේ නෑ...ඒ නිසා එයා ආයෙමත් පරක්කු වුණා..තේරුම් ගන්න !
"මීහියා..."
කෙල්ලගේ කකුල ලිස්සුවා...හරියට මීටර් ගාණක් පහළින් තිබ්බ ඒවොන් ගඟ එයාට කතා කළා වගේ.ඒත් එයාට බෑ...එයාට බෑ...එයා මේ ලෝකේ ආදරේ කරන දේවල් මෙච්චර දේවල් වුණාට පස්සෙත් අතෑරලා දාන්න.ඉතින් එයා තද කරලා අල්ලගත්තේ එයා වැටෙන්න කලින් එයා ළඟට ආපු,ටේහ්‍යුන්ගේ අතින්.
"ආහ්...ටේහ්‍යුන්...අනේ..මාව..වැටෙයි...මට බයයි ටේහ්‍යුන්...ආ...."
"පහළ බලන්න එපා මීහි...මගෙ දිහා බලන්න මැණික...ටේහ්‍යුන් දිහා බලන්න."
BẠN ĐANG ĐỌC
𝙰 𝙼𝚘𝚝𝚑𝚎𝚛 | 𝙺𝚃𝙷 | 🖤🍁|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||
Fanfiction"මං ඇත්ත කිව්වේ මිසිස් ජොන්..තමුසේ මොකා එක්ක නිදාගත්තද කියලා දන්නේ තමුසෙ විතරනේ." ඒ වචනවලට මීහිගේ ඉවසීමේ සීමාව පැන්නා.අන්තිමට එයාගේ අත නතර වුණේ ටේහ්‍යුන්ගේ කම්මුල රතු කරලා. "ජස්ට් ශට් අප් ටේහ්‍යුන්.දරුවො ඉස්සරහ පිස්සෙක් වගේ හැසිරෙන්න එපා.මට...මට තව...