𝙱𝚊𝚌𝚔 𝚝𝚘 𝚙𝚛𝚎𝚜𝚎𝚗𝚝.
ටේහ්යුන් හිටියේ එයාලගේ ගාඩන් එකේ...එක තරුවක් නැති අහසෙන් දිගටම එයාගේ කදුළු බිංදු වගේම එයාව දිය කරලා දාන්න වගේ වැහි බිංදු පෝලිමට කඩාගෙන වැටුණා.නම්ජූන් එයාගේ ගෙදරින් ගියේ වැස්ස පටන් ගන්නත් කලින්...ඒත් වහින්න අරන් පැයකටත් වඩා ගෙවිලා ගිහින්.
ටේහ්යුන්ගේ තනියට ගාඩන් එකේ එයාගේ දකුණු අතට වෙලා හිටියේ විස්කි බෝතලේ විතරයි.කායිටයි,කාරාටයි හොඳටම නින්ද ගිහින් තිබුණ නිසා එයාලා දැනගෙන හිටියේ නෑ එයාලගේ ඩෑඩ් එයාගේ නිදාගන්න තැන වෙනස් කළා කියලා.
හැමදේම...හැමදේම වෙලා තියෙන්නේ තමන් නිසා...අන්තිමට අනික් අයගේ වගේම ටේහ්යුන්ගේ ඇඟිල්ලත් නතර වුණේ එයාගේම මූණට හැරිලා.ඇයි එයා කිසිම දෙයක් තේරුම් ගන්න බැරි තරම්...එච්චරටම මෝඩයෙක් වුණේ..එයා කොහොමද එයාගෙම අයට එච්චර රිද්දුවේ...?හැමදේටම වඩා එයා ආදරේ කළා කියලා හිතපු එයාගේ දරු පැටව් දෙන්නට..?
ඊළගට ටේහ්යුන්ට මතක් වුණේ එයාගේ අප්පව...මීහිට ආදරේ කරනවා කියලා දැන දැනත්..එයාලට දරුවෝ ඉන්නවා කියලා දැන දැනත් එයා කොහොමද මීහිව එයාගෙන් වෙන් කරන්න හැදුවේ...??නම්ජූන් කියපු හැමදේම ඇත්ත කියලා එයාට රොබින්ගෙන් දැනගන්න ලැබුණා...ඒත් එහෙමයි කියලා මිස්ටර් කිම්ටම විතරක් වැරැද්ද පටවන්නේ කොහොමද?...ටේහ්යුන්ට තිබ්බා විශ්වාස කරන්න...එයාගේ ආදරේ වගේම එයාගේ සහෝදරකම...
YOU ARE READING
𝙰 𝙼𝚘𝚝𝚑𝚎𝚛 | 𝙺𝚃𝙷 | 🖤🍁|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||
Fanfiction"මං ඇත්ත කිව්වේ මිසිස් ජොන්..තමුසේ මොකා එක්ක නිදාගත්තද කියලා දන්නේ තමුසෙ විතරනේ." ඒ වචනවලට මීහිගේ ඉවසීමේ සීමාව පැන්නා.අන්තිමට එයාගේ අත නතර වුණේ ටේහ්යුන්ගේ කම්මුල රතු කරලා. "ජස්ට් ශට් අප් ටේහ්යුන්.දරුවො ඉස්සරහ පිස්සෙක් වගේ හැසිරෙන්න එපා.මට...මට තව...