𝙰𝚝𝚝𝚊𝚌𝚔!!!

841 132 1
                                    

ꜰʟᴀꜱʜʙᴀᴄᴋ.✺
5 𝔂𝓮𝓪𝓻𝓼 𝓪𝓰𝓸◎

"ටේහ්‍යුන්...ටේ..නැගිටින්න...මොකද වුණේ?..ටේහ්‍යුන්."

දරුවෝ දෙන්නා එක්ක සනීපෙට නිදාගෙන හිටපු මීහි උඩ ගිහින් ඇහැරුණේ ටේහ්‍යුන් දොර කඩාගෙන රූම් එක ඇතුළට ආපු සද්දෙට..

එද්දි ටිකක් පරක්කු වෙයි කියපු එයාගේ හස්බන්ඩ් මේ විදියට ලේ පෙරාගෙන එයා ඉස්සරහට එයි කියලා කෙල්ල කීයටවත් බලාපොරොත්තු වුණේ නම් නෑ.ටේහ්‍යුන් දොරත් අල්ලගෙන හුස්ම ගන්න ට්‍රයි කරද්දි එයා දුවගෙන ගිහින් ටේව එයාගේ අත් දෙක අතරට අරන් තුරුල් කරගත්තා.

"මීහියා..."

ටේහ්‍යුන් තවත් ටිකක් තමන්ගේ ඇඟට බරවෙද්දි මීහිට තේරුණා එයා ෆේන්ට් වෙලයි ඉන්නේ කියලා.අමාරුවෙන් එයාව වාරු කරන් ඇවිත් බෙඩ් එකෙන් තියලා එයාගේ සපත්තු ගලවලා,ඇඳුම් බුරුල් කරපු මීහි ඊළඟට කළේ තෙත තුවායකින් එයාගේ මූණේ තියෙන දාඩිය බිංදු ටික පිහිදලා දාපු එක.මේ ඔක්කොම සිද්ධවෙන අතරේ ටේහ්‍යුන්ගේ දකුණු අත කෙල්ලගේ අතත් එක්ක පැටලිලා තිබුණා....ටේහ්‍යුන් නින්දෙනුත් කෙඳිරිලි තිබ්බේ මීහි එයාගේ තුවාලවලට බෙහෙත් දාන්න ගත්තට පස්සේ.

"ශ්...ටේ...ඉට්ස් ඕල්‍ රයිට්...අයිම් හියර්."

කෙල්ලගේ සිහින් ඇඟිලි තුඩු ටේගේ ටිකක් දික් වෙලා තිබුණු කොණ්ඩ කැරලි අස්සේ සෙල්ලම් කළා.එයාගේ අනික් අත දුවගෙන ගියේ ටේහ්‍යුන්ගේ ෆෝන් එකට.

✉️"ජන්ග්කුක් ඔප්පා...ඔයා කොහේද ඉන්නේ?මම මීහි."

📩"ගෙදර ඉන්නේ මීහි.මේ ටේගේ මොබයිල් එක නේද?"

✉️"ඔව්.ඔයා දන්නවද ටේට මොකක්ද වුණේ කියලා?"

📩"ඒ කිව්වේ?"

✉️"ටේට හොඳටම තුවාල වෙලා...එයා කා එක්ක හරි රණ්ඩු කරලා ඔප්පා."

📩"මොකක්?පොඩ්ඩක් ඉන්න මං කෝල් එකක් ගන්නම්."

𝙰 𝙼𝚘𝚝𝚑𝚎𝚛 | 𝙺𝚃𝙷 | 🖤🍁|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||Where stories live. Discover now