𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙰𝚗𝚐𝚎𝚕.

793 134 0
                                    

ජන්ග්කුක්ගේ සර්ජරි එක කරලා පැය දෙකක් විතර.එයාගේ ළගට වෙලා තනි මැකුව චූටි සුරංගනාවිව නර්ස් කෙනෙක් ඇවිත් අරන් ගියේ NICU එකෙන් තියන්න ඕනි නිසා.ඉතින් එයා ආයෙම ඔපරේෂන් තියටර් එකට එද්දි ජන්ග්කුක්ගේ ඔපරේෂන් එක ඉවරවෙලා තිබුණා.

"ඔප්පා,එයාට කොහොමද?"

"ජන්ග්කුක්ට සිහිය එන්න තව දවසක්වත් යයි මීහි.හැබැයි නරකම දේ ඒක නෙවෙයි."

"ඔප්පා...මොකක්ද මගෙ ඔප්පට වෙලා තියෙන්නේ?"

"ජන්ග්කුක්ට ආයෙත් බයික් රයිඩින් කරන්න බැරිවෙයි මීහි.එයාගේ කකුලට,එතකොට කොන්දට ගොඩක් ඩැමේජ් වෙලා.අපිට අඩුම ගානේ එයා ඇවිදින එකවත් බලාපොරොත්තු වෙන්න බැරිවෙයි."

කෙල්ල පිටිපස්සට විසිවෙලා ගියා.

'දිගින් දිගටම රේස්වලින් දිනලා ජන්ග්කුක් කප් උස්සගෙන එයාලගේ ගෙදර ආපු හැටි

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

'දිගින් දිගටම රේස්වලින් දිනලා ජන්ග්කුක් කප් උස්සගෙන එයාලගේ ගෙදර ආපු හැටි...වාහනේකට සීරුමක් හරි වුණොත් එයා කෑගහන හැටි...රේස්වලට යන්න කලින් එයා ගොඩාරියක් හිනා වුණ හැටි...'

සෑහෙන්න අඩලා දැනටමත් ඉදිමිලා තියෙන ඇස්වලට ආයෙමත් කදුළු ගේන්න ජින්ගේ ඒ ආරංචියට පුලුවන් වුණා.

"ජන්ග්කුක්ට මොකක්ද වුණේ මීහි?එයා මොකක්ද ඔයා එක්ක කරන්නේ?ටේහ්‍යුන් කොහේද?"

හෝබි ඇහුවා.

"මං දන්නෙ නෑ ඔප්පා...මං දන්නෙ නෑ...මට එයාව බලන්න ඕනි."

කෙල්ල හැදුවේ ඒ දෙන්නව තල්ලු කරලා දාලා තියටර් එක අස්සට යන්න.

"ඔයා ඩොක්ටර් කෙනෙක් නේද මීහි?එයාව වෝඩ් එකට දානකල් ඔයාට එයාව බලන්න බෑ කියන එක ඔයා හොදටම දන්නවනේ.ඒ නිසා ටිකක් ඉවසන්න."

𝙰 𝙼𝚘𝚝𝚑𝚎𝚛 | 𝙺𝚃𝙷 | 🖤🍁|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||Onde histórias criam vida. Descubra agora