27

347 45 0
                                    

මුළු රෑ පුරාම මම හිටියෙ ගිටාර් එකෙත් කම්බි කරකව කරකව එළියට වෙලා මදුරුවොත් එක්ක සපාන් එකෙ සිංදුවක් කරන ගමන්. එත් හවස ගියපු මෑන් තාම ගෙදර ආවේ නෑ. ඩේශිතත් මොන අස්සක රිංගනවද මන්දා. මට හෙන කේන්ති අප්පා. සුදූව ඌ ගන්නෙ නැත්තම් මම සුදූව ගනන්වානෙ. ඩේ ට ඇයි වටේටම ඌ වෙනුවෙන් පණ දෙන්න යන ඌන් ඉන්නෙ. කේශ්වත් එහෙමයි ඩේ කිව්වොත් ඌට මුකුත් එපා. සුදුත් එහෙමයි මේ ඩේ කියන ඩෑල් එකගෙ මොකක් හරි මන්තර ගුරුකමක් තියෙනවද මන්දා.

"හරිම මහන්සි..." බඩෙනුත් භගයක් එළියෙ ඒ මදිවට ඉරිච්ච කලිසමක්, ගෑණු දානවා වගෙ තොප්පියකුත් දාගෙන ඉගත් නලවලා සුගත් නලවන ගමන් කේශ්ව වෑන් එකකින් බැස්සෙ පත බෑග් එකකුත් එක්කයි..

"ඒ මොකො ඕයි ඔය කුණාටුවකට අහු වුනාද? කමිසෙත් බඩ වෙනකල් විතරයි, අනික කොටියෙක් පැනලා වගෙ කලිසම පුරාම කීතු කීතු වෙලා." මම ගිටාර් එකත් තියාගෙන කෑ ගහලා අහනකොට වෑන් එකෙ හිටිය කෙල්ලො රොත්තක්ම හිනා වෙනවා. අම්මට මූ කෙල්ලො එක්ක ආතල් ගන්න ගිහින් තියෙන්නෙ.

"අනේ මේ චේ මරනවා හොදේ."
"පුලුවන්ද?"
"ඔව්..."
"හැබැයි ටිකක් අමාරු වෙයි. මොකො කියන්නෙ ඇද රෙඩි කරන්නද?"
"හා හා රෙඩි කරලා එනවකො..."
"මේ මේ ඇත්තටම මොනවද බං ඔය ඇදුම් ගෑනු තොප්පි, ලාඩම් වගෙ යකඩ කෑලි."
"අලුත් ස්ටයිල් එක මේ.."
"අපිත් ස්ටාර් ලා තමා හැබැයි ඔච්චර ඇදුම් වලට අහේනියක් නෑ හැබැයි😂💔 සික්ස් පැක් පෙන්නන් රගන්න."
"ඔව් ඔව් රගනවා. මගෙ ඇග වගෙ ලස්සනට ගෑණු ඇගක් තෝ දැකලා තියෙනවද පැක් එකත් එක්කම."
"එකනෙ උඹ ෆට්ට සෙක්සි... මගෙ ඇතුලේ ඉන්න මාලු නලියනවා"
"ශියා වලත්තයා. කෝ බං ඩේ."
"ගියා... ගියා... එයා ගියා... ධම්මි ගියා... සුගත් ගියා... මම තනිවුනා."
"කවුරු ගියා කවුරු ගියා." මම කිව්ව තාලේ අල්ලලාම මිනිහා කියද්දී දෙකම තකට තක හැබැයි😂💔

"වොශ් එකක් දාන් එනවා එළියට. පැල් රකිමු"
"මට මහන්සි..." කේශ් කට ගත්ත ගමන් මාව රිජෙක්ට් කරා. එයා ඇතුලට යද්දී කකුල් කැපිලා සපත්තු වලටම ඉරුණු කලිසම ඇතුලෙන් එක හොදටම පේන්න තිබ්බා. කේශ්වව හදාගත්ත එකා වගෙමයි මූත් දෙයක් කරන්න ගත්තොත් හම ගිහින් ලෙලි යනකල්ම ඒක කරනවා. කරලා දිනනවා. සුදූ කැමතිම අන්න ඒ කොලිටි එකට. මම වචන දාහක් කිව්වත් දැන් එකක හරි සුදූව මෙන්ශන් වෙන එක සාමාන්‍යයයි. එක නිසා කතා නොකර ඉන්න ඕනෙ.

🌻 Be My Sunshine 🌞 Complete 🍒Where stories live. Discover now