18.

493 68 7
                                    

එළියෙ හොදටම අනෝරා වැස්ස. මමයි ඩේශිතයි අපිට අපිව අමතක වෙන ලෝකෙක තනි වෙලා හිටියෙ. එයාගෙ කිස් එකෙන් මන් මත් වෙද්දි එයා හිටියෙ එහාට නොයන්න තීරණේ කරලා. ගොඩ වේලාවක ඉදන් එන කෝල් එකකට ඩේශිතට අන්සවර් කරද්දී

"ඩේ සුදූගෙ අම්මා කුස්සිය පැත්තට ආවා." කියලා කිව්වාම මම කලබල වුනේ නැත්තම් තමයි පුදුම මම තොල් දෙකත් පිහදාගෙන එළියට යද්දී චේතිය අම්මාව කතාවට අල්ලගෙන. මම ඩේ දිහා බැලුවා අඩන්න වගෙ මූණ හදාගෙන.

"සුදු පුතා නිදාගන්න දැන් ගොඩක් රෑ වෙලා. " අම්මා මාව දැකලා කියනකොට හිටියෙ චේතිය එක්ක. ඩේශිත ඒ දිහා බලනවා මට තනි ඇහැට පෙනුනා. මම අසරණ වෙලා. ඇත්තටම ඩේශිතට මගෙ ගැන තියෙන හැගීම් මොනවද කියන්න මම දන්නෙ නෑ. අපේ කිස් එකෙ තේරුම නිකන්ම නිකන් බේබදු කමද කියන්නවත්.

"ආ මේ ඩේ කොල්ලත් ඉන්නෙ. කෝ දෙන්නම යන්න මම ලිලීට කියන්නම් මේවා අස් කරන්න. ඔයාලා තනි කාමර වලද නිදාගන්නෙ." ඇත්තටම එක ලොකු රිසෝට් එකක් අපේ තාත්තගෙ අර්ජන්ට් ක්ලයන්ට් ලා තියෙන. ඉතින් 20ක් ආවත් ඉඩ තියෙනවා.

"ඔව් අම්මා." මම කිව්වාම චේතිය ඩේශිතයෙ උරහිස්සට අත ගෙනිච්චා

"යමු පණ අපි ඈත ලෝකෙකට..." මැලවිලා තිබ්බ ඒ මූණට නිකන්ම හිනාවක් ආවා. මම ආසම ඒ හිනාවට මගෙ හදවතම ඒ හිනාවෙන් එළිය වෙනවා. මම දන්නවා අපේ යාලුකම යාලුකමමද කියන්න මම අදටත් දන්නෙ නැතත් මට කියන්න පුලුවන් මම ඔය හිනාව ඉස්සරහා මගෙ මුලු ලෝකෙම අත්තරින්නම්... එයා වෙනුවෙන්........ එයා වෙනුවෙන් විතරක්.................

අපි තුන් දෙනාම වෙන වෙනම කාමර වලට වෙලා නිදාගත්තා. ඇස් දෙක අන්තිම පාරත් බැලුවේ ඩේ ගෙ හීනි තොල් දෙක. අදට විතරක් වුනත් ඒ බේබදු කිස් එකෙන් මම එයාව රසවින්දා.

එළියෙ පොද ගහනවා හිතට කිසිම නිදහසක් නැති නිසාම මම එළියට ගියෙ මගෙ ජිවිතෙම එක තැනක මම තියන් අසරණ වෙලා වගෙ නිසාමයි.

එළියෙ තිබ්බ නිදිකුම්බා මල් ලගට වෙලා ඩේ ඉන්නවා බිම ඉදගෙන... මම ඒ ලගට ගියා.

"ම්ම්හ්ම්ම්හ්..." පොඩි කැස්සක් අරගත්තාම ඩේ ගැස්සිලා මගෙ දිහා බැලුවා. එයාගෙ ඒ ඇස් දිලිසෙනවා පුරපසලොස්වක පෝය වගෙ. හිතට සැනසීමක් වගෙ.

🌻 Be My Sunshine 🌞 Complete 🍒Donde viven las historias. Descúbrelo ahora