29

431 48 0
                                    

කීරි ගැහෙන සීතලක අපි දෙන්නා බයික් එකෙ නැලවී නැලවී යන්නෙ මේ ගස් කොළ වල තියෙන පින්නත් ඇගට කැපෙනකොටයි. දෙයියනෙ මේක හීනයක් නම් මම කැමති නෑ දැන් නැගිටින්න. මම ඉන්නෙ ව්‍යාකූල වෙලා. මම විදින්න පුලුවන් උපරිම මේ හැමදේම අමතක කරලා විදින්න තමයි  හිතන් ඉන්නෙ. එත් මගෙ මෝඩ හිත ආයෙ මට කියන්නෙ සුදූ මෝඩ වෙන්න වෙන්න එපා ඩේ ව අත්තරින්නෙ නැතුව ඔයා ලගට ගන්න...

"නිදූ.... ඔයාට සීතලද?" ඩේ මගෙන් අහනකොට මම ආයෙත් ගැස්සුනා...

"ඔයා බයෙන්ද? ඇයි ගැස්සෙන්නෙ."
"නිකන් ඩේ අපි නැවතිලා කතා කරමු. මට කියන මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ." එයා බයික් එක ඉස්සරහට වෙලා කියවනවා මට ඇහෙන්නෙ කොහොමද?

"මාව තදින් අල්ල ගන්න... මාව තදින් බදාගන්න... යන්න නොදි..." මට එක ඇහුනාම මම ආදරේන් පිරුනා. එයා මට කියනවා නම් එයාව තදින් අල්ල ගන්න කියලා මම කරන්නම්. මොකද මම මෙච්චර හුස්ම හිර වෙනකල් කියනකල් බලන් හිටියෙ ඒ දේම නිසා.

අපි දෙන්නා ඔහේ පාවෙන සරුංගල් වගෙ. පියෑඹුවා. අන්තිමේදී ගම්බද වුන ලස්සන කදු පාරක් උඩ ඩේ බයික් එක නතර කරද්දී අඩ හදක් විතරයි තිබ්බේ. මම ඒ දිහා හරි ආසාවෙන් බලන් හිටියෙ. මේ මොහොත කොච්චර හොදද කියනවා නම් මම හුස්ම බෙදාගන්න කෙනා නිසා මට සතුටක් දැනුනා. එයාගෙ ජිවිතේ එයා යන්න පුලුවන් උඩම තැනට යනකල් මට සිහියක් හරියට තිබ්බේ නෑ. බලන් යද්දී මම හරි බොලද වෙලා මේ දවස් දෙක තුනට. එයාගෙ උරහිස්සෙ ඔලුව තියාගෙන අපි දෙන්නා තණ බිස්සෙ වාඩි වුනා. මේ හැගීම මාව පිස්සෙක් කරන්න තරම් සතුටක් ගෙනාවා.

"ඔයා ලස්සන වෙලා සුදූ..." ඩේ අපේ නිහඩතාවය බිදින්න මූලික වුනා.
"කොහොමත් මම ලස්සනයි ඩේ..."
"එත් මම කැමති නෑ එකට."
"ඇයි ඒ..."
"ඔයාගෙ පුනුම ඔයාගෙ වයසට වඩා ගොඩාක් තරුණ පාටයි. මම ඉරිසියා කරනවා."
"මට ලස්සන විතරනෙ තියෙන්නෙ මට කෙනෙක්ගෙ හිත ගන්න ලස්සන කට හඩක් නෑනේ."
"මම දෙන්නද?"
"මොනවද??"
"මම මගෙ හැමදේම ඔයාට දෙන්නම්.... මගෙ කට හඩ ඔයා එක්ක ජිවත් වෙනවා නම් මම එකත් දෙනවා... මොකද මීට අවුරුදු 5කට කලින් ඔයාව එයා මට මුණ ගැස්සුව නිසා."
"ඒ දවස ගැන ඔයා පසුතැවෙන්නෙ නැද්ද??"
"මම ඔයා ගැන තිබ්බ එකම එක දේකටවත් පසුතැවුනේ නෑ නිදූ... ඔයා දන්නවද මට පළවෙනි පාරට අල්ලගත්ත අත අත්තරින්න බැරි තැනට මම පත්වෙලා. එත් ඒ එකකටවත් මම පසුතැවෙන්නෙ නෑ. එත් ඔයා පසුතැවෙන්නවා ඇති."
"ඒ මොකටද මම..."

🌻 Be My Sunshine 🌞 Complete 🍒Where stories live. Discover now