සතියක් අපි එකට හිටියා. දැන් ඩේශිත මගෙ හොදම යාලුවා වෙලා. කේශ්ව එක්ක වගෙම භානුක එක්කත් මම හොදට යාලු වුනා. මට හිතුනා ඉස්කෝලේ කාලෙ වගෙ හැගීම. ඇකඩමි එකෙන් අපිව බැන්ඩ් එකකට සෙට් කරාම කට්ටිය 6ක් හිටියා. අපේ සෙට් එක. තාම අර බෝඩිම් එකෙ ඉන්න මට වෙනමම ගිෆ්ට් එකක් දෙන්න වටිනවා. මූන් ඔහේ නාලා කාලා යනවා ෆට්ට ගදක් එන්නෙ...
"නිදු... මට දෝ මතයි..." ඩේශිත මගෙ අත අරගෙන තුරුල් කරගෙන මූණ අතුල්ලනවා අතේ... අනේ මගෙ හුරතලේ.
"ඕයි ඕයි මෙන්න මෙතන වෙනමම සීන් එකක් යනවා..." සෙනිය කෑ ගහගෙන එද්දී මම ඌට ලග තිබ්බ මකනෙන් දමලා ගැහුවා.
"අනේ නිකන් පලයන් යන්න අසහන කාරයා.. නිදූ මට බඩගිනි..."
"මාව කාපිය..." මම විහිලුවට වගෙ ඔලුවට ගහලා කිව්වේ තව නම් දරන්න බෑ... කම්මුල් දෙක මිරිකලා උම්ම්ම්මාඅ කියලා එකක් දෙන්නමයි ඕනේ."ඉන්න..." අත තද කරලා අල්ලලා පිස්සු බල්ලෙක් වගෙ මූ මාව ගිල්ලා කියපන්කො... අම්මා මුත්තා මතක් වෙන්න. ඔය අතරෙම මට කෝල් එකක් ආවේ චේති ගෙන්.
"හලෝ...."
"සුදූ... ඔයා කොහෙද ඉන්නෙ..."
"කොහෙ ඉන්නද යූත් එකෙ.."
"ම්ම්ම් මමත් එනවා."
"අර මොකටද?"
"මමත් ඔය කෝස් එකට එනවා."
"හේයි එහෙම බෑ නේ ඔඩිශන් එකෙන් නේද ගන්නෙ."
"හේයි මම මල්ටි ටැලන්ටට් කොල්ලෙක්... මාව රිජෙක්ට් කරන්න කාටවත්ම බෑ..." චේති එහෙම කිව්වාම මටත් පොඩ්ඩක් කික් එකක් ආවා. මොනවා වුනත් කොල්ලා හොද එකා."හරි එහෙනම්... මම ගේට් එක ලගට එන්නම්. ඔයා කීයටද එන්නෙ.."
"මම දැන් ඔයාගෙ ක්ලාස් එක ඉස්සරහා... බලන්න මගෙ උම්මා කැටේ..." එහෙම කියද්දී මම හැරුනාම මගෙ අතේ දවටන් හිටිය ඩේශිතගෙ අත ඩෙස් එකෙ වැදුනා..."ආව්...." කොල්ලා කෑ ගහනකොට් චේතිය මගෙ ලගටම ඇවිත් මගෙ කොණ්ඩේ අවුල් කරා. ඩේශිත ගැන බලන්න ඕනේ වුනත් මම චේතියගෙ එක්ක රණ්ඩු වුනේ කොණ්ඩේ අත ගෑවට.
"හේයි හේයි සුදූ එපා... රිදෙනවා. ඔය පූස් නියපොතු වලින් රිදෙනවා..." මම අත හූරනකොට අරූ පොඩි එකෙක් වගේ කෑ ගහනවා.
"ඕයිෂ්... බලනවා මගෙ කොණ්ඩේ..." මම කෑ ගහගෙන ඌට තඩි බෑවා... එතකොට සෙනිය ආයෙ මැදින් ඇඩ් දැන්මා.
ESTÁS LEYENDO
🌻 Be My Sunshine 🌞 Complete 🍒
No Ficciónසත්නිදු🖤 - සමහරවිට ඉර වුනත් දැනන් නොඉන්න ඇති සූරියකාන්ත මල එයා වෙනුවෙන් පිච්චෙන විත්තිය... 💙 පිච්චිලා පිච්චිලාම මමත් දැන් පරවෙලා මැලවිලා යනවා.... මට දැනෙනවා.........🌻🌻 ඩේශිත💙 - දැනුන තැන නවතින්න බැරි වුන අසරණ හිතකට රැදුන තැන දැනිලා රැදෙන්න පුලු...