දවස පුරාම මූසලයි ඩේ ගෙ මූණ බලන්න බෑ කැද හැලියක් වගෙ. අද පලවෙනි දවස නිසා ස,රි,ග,ම ගගා ඉන්න වුනේ. කට්ටියම එයාලගෙ වැඩ එක්ක බිසි වුනා. ගිටාර්, ඩ්‍රම්ස් වලින් මියුසික් රූම් එක කන් බීරි වෙද්දී ඩේ එළියට යනවා මගෙ හොර ඇහැට මීටර් වුනා.
"හේයි... මොකො උඹ අද අවුලෙන්..." මම යාලුවෙක් වගෙ එයා හිටිය කොරිඩෝ එකෙ නැවතුනා.
"මුකුත් නෑ බං... නිකන්..."
"නිකන් නම් කියලා පිලිගන්න බෑ... බට් උඹ කියන්න අකමැති එවා මම අහන්න ට්‍රයි කරන්නෙත් නෑ... මේක බීලා කූල් වෙන්න." මම එහෙම කියලා අතේ තිබ්බ ස්මැක් එක ඩේට දුන්නා"එපා බං... උඹටනෙ ගෙනාවේ ඕක..."
"අපි යාලුවෝ බං.. මාව බේරගත්ත මුල්ම දවසෙ ඉදන් අපි යාලුවෝ... ඕක උඹ බිව්වා මම බිව්වා කියලා නෑ.. මට තිබහා නිසා නෙවේ උඹට දෙන්න ගෙනාවේ...""අම්මොහ් මෙයා..." ලාවට ඒ මූණේ ආව හිනාව මාව මෝහනේ කරා... මගෙ හිතේ මේ ඉපදෙන හැගීම මොකක්ද කියන්න මම දන්නෙ නෑ මට දරාගන්න බැරි සද්දයක් පපුව ඇතුලෙන් එනවට මම බය වුනේ ඩේට එක ඇහෙයි කියන බය නිසා...
"කොහෙද යන්නෙ දැන්.."
"ම්ම්ම් මට හිතුනා අපේ ඩේ කොල්ලාට තනියම ඉන්න ඕනේ ඇති කියලා..." මම ඇහැක් ගහලා කියද්දී අර පුරුදු විදියෙ ලොකුම ලොකු හිනාව ඒ මූණේ පිරුනා... මම බලන් හිටියෙ මම පොඩි කාලේ සෙල්ලම් බඩුවක් හම්බුනාම මට දැනුන හැගීමෙන්මයි... බෙල්ල ඇද කරලා එයාගෙ තොල් අමුතුයි අර පූස් හිනාව කියන්නෙ.. අන්න ඒ වගෙ තොල්... මම ඒකට ආදරේ කරා වගෙ.."මොකො ඔය මූන ආ..." ඩේ ලැජ්ජාවෙන් වගෙ මගෙන් අහද්දී මමත් ගැස්සිලා ගියා..
"නෑ නෑ කොල්ලා අද දවසටම හිනා වුනේ දැන්නෙ..." මම එහෙම කියද්දී ආයෙත් හා හා කියන සද්දේ දාන ගනන් එයා හිනා වුනා...
"මම හිනාවෙනකල් බලන් හිටියා කියලා දන්නවා නම් කලින්ම හිනා වෙනවා."
"කියන්න තිබ්බා මාත් එක්ක කතා කරා නම්..." මම ඔරොප්පුවෙන් මූණ හදන් එහෙම කියද්දී ආයෙත් හිනාවෙනවා.. මේ මනුස්සයා ලගදීම මාව අංගොඩ යවනවා.."අඩෝ සත්නිදු... උඹේ කාමරේ හරි කියලා ඔෆිස් එකට එන්න කිව්වා රන් සමණලී"
"රන් සමණලී..." මම අමුතු විදියට ඇහුවා
ESTÁS LEYENDO
🌻 Be My Sunshine 🌞 Complete 🍒
No Ficciónසත්නිදු🖤 - සමහරවිට ඉර වුනත් දැනන් නොඉන්න ඇති සූරියකාන්ත මල එයා වෙනුවෙන් පිච්චෙන විත්තිය... 💙 පිච්චිලා පිච්චිලාම මමත් දැන් පරවෙලා මැලවිලා යනවා.... මට දැනෙනවා.........🌻🌻 ඩේශිත💙 - දැනුන තැන නවතින්න බැරි වුන අසරණ හිතකට රැදුන තැන දැනිලා රැදෙන්න පුලු...