26

341 42 5
                                    

කොච්චර කොහොම අපි ලං වුනත් අපි අපිට අයිති නෑ. එහෙනම් අපි වෙන් වෙන්නම ඕනේද? දසුන් මොකද හිතන්නෙ ඔයා ඒ ගැන.

"ඇයි ඉතින් අහිමි වෙනවා කියලා දැන දැනම ලං වෙන්න ගන්නෙ..."

"ම්ම්ම්ම් මම දන්නෙ නම් නෑ එත් ඩේශිත නම් කියන්නෙ එයාට ඕනෙමලු... එයාව තේරුම් ගන්න කෙනෙක්."

"එතෙක් මෙතක් ලංකාවේ වැඩිම පිරිසක් මිලදී ගත් ඇල්බමය මේක නේද විහගි... ඇත්තටම ඒ සිංදු අපිව වෙනමම ලෝකෙක අතරමන් කරනවා..."

"මේ වෙනකොට විචාරකයින් වැඩි වශයෙන් මෙම අර්ධ ශාස්ත්‍රීය සිංදුවට කැමත්ත පල කරමින් විවිධ නිර්වචන දෙමින් පවතින නිසාම අපිත් අද හිතුවා ප්‍රසිද්ධ විචාරකයින් මේ සිංදුවට එක් කර අදහස් නරඹන්න..."

1. ඇත්තටම ලස්සන සිංදුවක්... රසවින්දන මනාව පෙන්නා තියෙනවා...

2. මට ඇත්තටම ඔය පද ඇතුලෙන් අසම්මතයක් ගැන ආදර කතාවක් තමයි පෙන්නෙ. ඒත් හැගීම් ඉස්මතු කරන විදිය හුස්ම පාලනය වගෙ ගායන හැකියා මනාව ඩේශිත පෙන්වා තියෙනවා.

3. මූ කියනවා වගෙ සමලිංගිකයෙක්.

ම්ම්ම්ම් සමාවෙන්න අපි පොඩි විරාමයකට පිවිසෙමු...

Tv එකෙන් පේන ඒ කැත කමේන්ට් එක දැක්කාම මගෙ ඇගේ මාලු නටන්න ගත්තේ නෑ කියලා කියන්න බෑ. ඩේශිතගෙ හැගීම් සුදු වෙනුවෙන් තිබ්බේ. ආදරේ උතුරනවා ඒකට කොහෙන්ද බං මූන් සම්මත අසම්මත මගුල් විදියට බැජ් ගහන්නෙ. Fb එක පුරාම එක එකා එක එක කමේන්ට් දාලා.  ඒ ඔක්කොම සුදූ ගැනයි ඩේ ගැනයි. මට මාරම කේන්තියක් ආවා. මම සුදූව පරිස්සම් කරන්න බැදීලා ඉන්න කෙනෙක්. එත් දැන් කොන්දේසි නැතුවම මට ඩේව පරිස්සම් කරන්න ඕනේ.

ඉන්ටර්වීව් එකෙන් පස්සෙ සුදූ ඩේ ගාව හිටියෙ එකම එක දවසක් විතරයි. එත් පස්සෙ ඌ පුක කැඩිච්ච කඩියා වගෙ නුවර ගියා අම්මා හම්බෙන්න කියලා. ගියා ගියා මයි මිනිහා මිසින්.

" චෙරි මොකක්ද අර වෙන්නෙ. වටේටම අපි දෙන්නගෙ පොත්ත යවනවා." ඩේ මගෙ ලගට ඇවිත් කියද්දී මම ඌගෙ මූණ දිහා බැලුවා. මට ඇත්තටම ආවේ ලෝභ කමක් සුදු ගැන මගෙ හිතේ නොතිබ්බා නම් සමහරවිට ඩේ සුදූ එක්ක සෙට් නොවුනා නම් මම ඩේ එක්ක මගෙ ජිවිතේ ඉස්සරහට යන්න හදයි. එත් පොඩ්ඩක් ඉන්න මට බෑ... නිරාෂා මගෙ ජිවිතේත් හොල්මන් කරයි එහෙම වුනොත්. ඔලුවත් ගසලා දාලා ඒ කොට මගුලේ උරහිස්සට අත ගෙනිච්චා.

🌻 Be My Sunshine 🌞 Complete 🍒Donde viven las historias. Descúbrelo ahora