මම ගෙදර එනකොට රෑ 8ත් පහු වෙලා. දාඩිය පිටින්ම ඇවිත් ඇදට වැටුනේ ඇගට වඩා රිදෙන හිත නිසා. තනිකම.... හ්....ම් එක මට හොදට හුරුපුරුදුයි. මිනිහෙක්ව ජිවත් කරවන්නෙ බලාපොරොත්තු. එත් එදා වෙනකල් මගෙ බලාපොරොත්තුව රැදුනේ මියුසික් එක්ක. එත් දැන් ඇයි මට ඒ දේ වෙනස් වෙන්න පටන් අරන් කියලා දැනෙන්නෙ.
එදා මට තිබ්බා නිදු විරාජ් එක්ක පැටලෙන්න යනකොට එතනට හොම්බ නොදා නොදැක්ක ගානට යන්න. එත් ඇයි මම නොදන්නවා වගෙ නෙවේ විරාජ් කියන්නෙ නිරාෂාගෙ අයියා කියලා එත් අර අහිංසක කොල්ලාට එයා කරදර කරද්දී මට හිත හදාගන්න බැරි වුනා නොදැක්ක ගානට යන්න. සත්නිදුව එදා යූත් එකෙදී දැක්ක දවසෙ මම නිරාෂාගෙ අයියටම සද්දේ දැන්මා. ඒ නිසාම නිරාෂා මාත් එක්ක කොච්චර රණ්ඩු කරලා අපි දෙන්නා කැඩෙන්න ගියාද? ඩේශිත කූල්ල්ල්.... කූල් ඩේශිත අතීතෙ අතීතයක් විතරයි.
මගෙ ඇස් වලින් මම සත්නිදුව දකිනකොට මම ගොඩාක් කලබල වෙනවා. ඇයි කියලා මට නොතේරුනත් එයාව බස් එකෙ දැක්කම කියන්න බැරි සතුටක් ආවා. එයා ආයෙත් යූත් එකට එනවා කියලා හිතලා මගෙ පපුව ගැහෙන්න ගත්තා. එයා ලස්සනට නිදන් ඉන්නවා මම මගෙ ඇස් වලින් ස්කෑන් කරේ ඇයි කියන්න තේරුමක් නෑ.. ඒ අපේ ඌන්ගෙ කෑ ගැහිල්ලට කොල්ලා නැගිට්ටාම මගෙ පපුව තව තව ගැහෙන්න ගය්හ්තා. ඒ නිසාම එක නොපෙන්නෙන්න මම කරේ කෙල්ලෝ එක්ක ආතල් ගත්ත එක. එත් මම එයා කිව්ව හැම වචනයක් නෑරම හොදට අහගෙන හිටියා. චේතිය කියන නම මට මුලින්ම ඇහුනේ එදා... මේ ඔක්කොම දැක්ක කේශ්ව මට නිතරම බැන්නෙ නිරාෂා තරහා වෙයි කියලා ආයෙ සත්නිදු එක්ක එකට ඉන්නකොට. එත් කොච්චර අවාසනාවක්ද මට එකට පිටුපාන්න බැරි වුනා. එයා බෙන්ච් එකෙ තනියම ඉද්දී මට මගෙ කකුල් කන්ට්රෝල් නැතුව එයා ගාවම නැවතුනා. මම දැනගෙන හිටියෙ නෑ කොහොම රිඇක්ෂන් කරන්නද කියලා. එයාගෙ අහිංසක මූණ දිහා බලාගෙන. එත් මම මගෙ වෙන්ස නොපෙන්නෙන්න යාලුවෙක් විදියට එයා එක්ක ඉන්න ට්රයි කරා.
මම හිතුවේ නෑ මම ඒ ගත්ත තීරණේ ගොඩාක් දේවල් වෙනස් කරවයි කියලා. එදා මම එයා දිහා නිතරම ඇස් යවාගෙන හිටියෙ. ගේට් එක ලග කොල්ලෙක් එයාව හග් කරලා කා එකට දා ගන්නකොට මට දැනුනේ මොකක්ද කියන්න බැරි තරම් මම අසරණ වුනා. මම එයාගෙන් ඈත් වෙන්න හැදුවා. එත් හිතන්න මම එකෙන් fail වුනා. නිරාෂා මාත් එක්ක තරහා වුනේ මම ආයෙත් සත්නිදු එක්ක කතා කරා කියලා. ඒ අවුලෙන්ම ගේට් එක ඇතුලට යද්දි නිදු හිටියෙ අර එදා ඩ්රෝප් කරපු කොල්ලා එක්ක... වෙනදට නිදුගෙ හිනාව මට සතුටක් ගෙනවා. එත් අද මගෙ වේදනාව වැඩි කරා. එයාට සුදූ කියපු චේතිය සෙනිය දන්න කෙනෙක්. වැඩි නරක පාටක් නැතත් friendly කියලා මට තේරුනා.
ESTÁS LEYENDO
🌻 Be My Sunshine 🌞 Complete 🍒
No Ficciónසත්නිදු🖤 - සමහරවිට ඉර වුනත් දැනන් නොඉන්න ඇති සූරියකාන්ත මල එයා වෙනුවෙන් පිච්චෙන විත්තිය... 💙 පිච්චිලා පිච්චිලාම මමත් දැන් පරවෙලා මැලවිලා යනවා.... මට දැනෙනවා.........🌻🌻 ඩේශිත💙 - දැනුන තැන නවතින්න බැරි වුන අසරණ හිතකට රැදුන තැන දැනිලා රැදෙන්න පුලු...