14.

532 85 17
                                    

ෆෝන් එක දැන් ගොඩ වේලාවක ඉදලා රින්ග් වෙනවා. මට බලන්න වත් හිතක් තිබ්බේ නෑ. එත් මට වදයක් නිසාම මම අන්සවර් කරද්දී ඩිස්ප්ලේ එකෙ තිබ්බේ සත්නිදු ගෙ නම... අන්සවර් නොකර බැරි කමටම අන්සවර් කරලා

"ඕඔ කියාම්.." යාලුකම ඉස්සරහට දාලා දාලාම දැන් මාත් බලු වෙලා වගෙ.

"ඩේ මම අද චේතියගෙ ගෙදර ඉන්නම්" සුදූ එහෙම කියන වේලාවේ මට පෙනුනෙම සිවිලිම් ෆෑන් එක...

"හා හා..."
"ඩේ ඔයා ඔම්ලට් නොකා මොනවා හරි හදාගෙන කන්න ඕනේ.."
"හා හා..."
"ඩේ..."
"ම්ම්ම්"
"මොකද කරන්නෙ... ඇයි කතා නැත්තෙ..."
"අද නිරාෂා අපේ ගෙදර නවතින්න ආවා... මම තියනවා. ඔයා ටයිම් එක එන්ජෝයි කරන්න... ඇත්තටම ඔයාට චේතිය කියන්නෙ ගැලපෙන කෙනෙක් යාලුවෙක්ටත් වඩා එහාට ගිහින් ඔයා ගැන හිතන..."
"මොකක්ද මේ කියවන්නෙ."
"එහෙම එකක් නෙවේ... ඔයාලා කොහොම වුනත් මගෙ යාලුවෝ එත් චේතිය ගැන ඔයා හිතන්න ඕනේ..." මම ගැහෙන පපුව තදින් අල්ලගෙන කියලා ෆෝන් එක තිබ්බා... ඔහෙ ඉන්න දීපන් මට. මම රාමුවක් දාලා ඌව යාලුවෙක් කරගන්න හදනවා. එත් ඇයි මට ඊට වඩා දැනෙන්නෙ... මගෙ හුස්ම හිරවෙන්නෙ ඇයි?

'ඉන්න ඩේ ඉන්න.... ඔයා කියන්නෙ තනිකම එක්ක ජිවත් වුන කෙනෙක්නෙ... එයා එයාගෙ සතුට එක්ක ඉද්දී ඇයි දෙයියනේ ඔයා මේ මූඩ් ගහන්නෙ..." මම හෙඩ් සෙට් දෙක අතට අරගෙන මම හැදුව මියුසික් ට්‍රැක් ඇහුවා. ආයෙ ආයෙම මම ඉස්සර හිටිය මියුසික් පිස්සා වෙන්න මම මියුසික් එක්ක ජිවත් වෙන්න ගත්තා...

"ඩේ.... ඩේ...." කළුවර කාමරේට ඇස් කඩා ගෙන යන එළියක් එක්ක කෑ ගැහිල්ලක්...

"උඹට මහසෝන් පේරේතයා ගහලද බල්ලෝ... බලපන් කාමරේක හැටි. නිදු ඉදලත් උඹ මෙහෙම නම් උඹව හදන්න බෑ... ෂික් නිකන් පිස්සෙක් වගෙ..." කේශ්ව කෑ ගහනවා.. හෙඩ් සෙට් එකෙත් බැට්‍රි ලෝ වෙලා වෙන්න ඇති දැන් වැඩි සද්දයක් නෑ.

"අනික උඹ බීලද? බලපන් හෙඩ් සෙට් ගහගෙන නිදාගෙන."

මම කිසි උත්තරයක් නොදිම කේශ්වව ගිහින් බදාගත්තා... හිනා වෙලාම... මගෙ හිනාව මට මේ ලෝකෙ දෙවියෝ දුන්න එකම සම්පත.

"මොකො මේ.... කියන්න අවුලකද?" ඉස්සල්ලා මරන්න කෑ ගැහුව කොල්ලා දැන් පොඩි එකෙක් වගෙ මාව බදාගෙන කතා කරනවා.

🌻 Be My Sunshine 🌞 Complete 🍒Tempat cerita menjadi hidup. Temukan sekarang