අම්මා මාත් එක්ක දැන් කතා කරන්නෙත් අහම්බෙන්. මම නුවර අපේ බංගලාවේ ඇවිදිනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නෙ නැති නිසා. තාත්තාගෙ බිස්නස් මට භාරගන්න වුනා. Mr.hello එකට සුදූව ඕනෙමයි කියලා ඔක්කොම කොළඹ කතා කරාට අපේ තාත්තා, අම්මා එකට කැමති වුනේ නෑ. මමත් බුරුවා වගෙ නුවර ආවානෙ. දැන් ඉතින් මේ රිසෝට් දිහා බලාගෙන ඉදපන්කො.
"සුදූ... සුදූ.... මම ආවා... ආවා මම ආවා..." මහා අදෝනා තියාගෙන එන චේතියව මම දැක්කේ රිසෝට් එකෙ ඉන්නකොට. සැක් මොකෙක් මාව නිදහසේ හුස්ම ගන්න අත්තැරියත් මූ නම් නෙවේ... මේ ආත්මේට.
"ආ උඹ මෙහෙ..."
"ඔව් මම මෙහෙ... බීම එකක් දීපන්... බලපන් සීතල..."
"ඉතින් බං සීතල නම් කෝෆි නෙවේද ඉල්ලන්න ඕනේ."
"අපෝ මට එපා ටොයිලට් එකෙ ලැගා ගහන්න වෙනවා."
"ඉතින් උඹ කොහොමත් එහෙමනෙ."
"පලයන් මූසලයො යන්න."
"ශීයා... මම තෝගෙ ලව් එක..."
"නෑ අන්සතු මල් නෙලන්න බෑ කවි සිතට මගෙ. මොකද උඹ වට පිට බලන්නෙ මොකාද වගෙ.""නිකන් තෝ තනියමද ආවේ."
"ප්‍රශ්න අහපන් බොන්න දීලා... යකෝ දිව ගිලෙන්න වගෙ."
"ම්ම්ම්.. සුවී මෙන්න මේ සෝමාලියන් හැකරැල්ලාට ලෙමන් ජූස් එකක් දෙන්න මගෙ විදියට."බීම එක ගේනකම්ම මුනිවත රැකපු බූරුවා වගෙ චේ ඉන්නවා... මූ බීම එක මෙතනට එනකල් කතා කරන්නෙ නෑ දැන්. මම යටි හිතින් හිතනවා ඩේ එයි නේද මූණ බලාගන්න... උඩු හිත කියනවා ඌ ආවොත් උඹලගෙ අම්මලා මොනවා කරයිද දන් නෑ... එපා එන්න කියලා.
"සර් ලෙමනෙඩ් එක..." චේතිය මගෙ විදියට හදපු ලෙමන් ජූස් එක බිව්වට වඩා ඉක්මනින් තූ කියලා විසික් කරා.
"බල්ලෝ තෝ පලිගන්නවද?"
"මම නෑ... ඇයි මම"
"ඩේ ට මම මේක දුන්න නිසා තෝ මටත් දෙනවා. තොපි යාලුවෝද?"
"ඇයි නැද්ද ඉතින්"
"නෙදකින්... සාරිතා නංගේ ගිහින් මට ගෙන්න දෙළුම් ජූස් එකක්... හොද පැටියා වගෙ සීනි දාලා... ම්ම්ම්..." මූ තියෙන ඔක්කොම පැණි ටික මූඩියකට දාලා අර කෙල්ලව ඇන්දුවා. නෙදකින් මෙහෙම පිරිමි..."තෝ කරපු බලු වැඩේ නිසාම ඩේ කියපු මුකුත් කියන්නෙ නෑ..." චේ එහෙම කියද්දී ඔරොප්පු මූණක් තිබ්බේ. එත් මට හිතෙනවා ඩේ නිරාෂා එක්ක ප්‍රශ්නෙ විසදගෙන මන් ගාවට එන්න හදනවාදෝ කියලා. මොකද මම චේතියගෙ මූණේ ලක්ෂන ඒ තරම් හොදට දන්නවා. මාව රිද්දන දෙයක් එයා කරන්නෙ නෑ
ESTÁS LEYENDO
🌻 Be My Sunshine 🌞 Complete 🍒
No Ficciónසත්නිදු🖤 - සමහරවිට ඉර වුනත් දැනන් නොඉන්න ඇති සූරියකාන්ත මල එයා වෙනුවෙන් පිච්චෙන විත්තිය... 💙 පිච්චිලා පිච්චිලාම මමත් දැන් පරවෙලා මැලවිලා යනවා.... මට දැනෙනවා.........🌻🌻 ඩේශිත💙 - දැනුන තැන නවතින්න බැරි වුන අසරණ හිතකට රැදුන තැන දැනිලා රැදෙන්න පුලු...