කදුලු වැටෙන්නෙ නෑ... එත් හදවත පිච්චෙනවා... එයාගෙ ඔලුවෙන් ටිකක් ලේ ගලනවා.. මගෙ ඔඩොක්කුවේ එයාගෙ ඔලුව තියන් මම කල්පනා කරේ මෙලෝ සිහියක් නැති එකෙක් වගෙ... හිනාව කට පුරා තිබිලා මට අයිස් එක ගෙනත් දුන්න කොල්ලාගෙ මූණේ දැන් හිනාව නෑ... වේදනාව විතරයි.
"මොකක් හරි ambulance එකකට කතා කරපියව්... මගෙ එකා බිම.." කේශ්ව එහෙම කියනකොටත් චෙරි කෝල් කරලා. කේශ්ව හිටියෙ ගොඩාක් කලබල වෙලා ඇයි කියන්න දන්නෙ නැති වුනත් නිරාෂා වත් එච්චර කලබල වෙලා නෑ...
"ඉදපන් ඉදපන් අයියට මුකුත් වෙන්නෙ නෑ..." සෙනිය කේශ්වගෙ පිට අතගානකොට මට දැනුනා මොකක් හරි වෙනවා කියලා.
"අන්න ආවා..." අපි කට්ටියම රෙඩි වෙලා ඩේව ඇතුලට දාගත්තා. එත් මට යන්න ඕනේ වුනත් නිරාෂා වත් නැතුව මුලින්ම ඇතුලට ගියෙ කේශ්ව.
"කේශ්... මගෙ කොල්ලාව බලාගන්න..." අඩන ගමන් නිරාෂා එහෙම කියද්දී ambulance එක යන්න ගියා.
"යමන් අපි එක පස්සෙ යමු" සෙට් එකටම යන්න බැරි නිසා භානුකයි සේනියයි බයික් එකක නගිද්දී නිරාෂයි සෙව්වන්දියි අපි එක්ක ආවා
කලුබෝවිල හොස්පිටල් එකෙ ගේට් එකෙන් අපි ඇතුලට දාලා දිව්වේ opd එකට. පැයක් දෙකක් ඉන්නවා කියන්නෙ මට ගොඩාක් අමාරු දෙයක්.. කකුල් වෙව්ලනවා.
"සුදූ මේක බොන්න." කවුද මන්දා දිග් කරපු එකට මම අතින් එහාට කරද්දී එයාගෙ අතේ හැලුනා ඒක...
"ආයිශ්... සුදූ..." කෑ ගැහිල්ලට සිහියට එනකොට දැක්කෙ චේතිය එතන කියලා
"ආ සොරි සොරි.." මම එහෙම කිව්වට වැඩක් නෑ වගෙ භානුක ඇවිත් අත් හෝදවන්න කියලා චේතියව එක්ක ගියා.
"මම මොට්ටයෙක් මම මොට්ටයෙක්..." මම මටම කියාගද්දී චේතිගෙ අත හොදටම ඉදිමිලා වගෙ...
"චෙරි අනේ සොරි... "
"අයියෝ කමක් නෑ එක රිදෙන්නෙ නෑ.."
"බොරු මේ ඉදිමිලා..." මම නර්ස් කෙනෙක්ට කියලා එයාට බෙහෙත් දාන්න අරන් ගියා."සුදූ ඔයා ගොඩාක් කලබල වෙලා... ඔයාව අන්තිමේට මම ඔහොම දැක්කෙ 6දී ඔයා මාව බයිසිකලෙන් වැට්ටුව වේලාවේ..."
"නෑ නෑ... එහෙම එකක් නෑ.."
"ම්ම්ම්"
ESTÁS LEYENDO
🌻 Be My Sunshine 🌞 Complete 🍒
No Ficciónසත්නිදු🖤 - සමහරවිට ඉර වුනත් දැනන් නොඉන්න ඇති සූරියකාන්ත මල එයා වෙනුවෙන් පිච්චෙන විත්තිය... 💙 පිච්චිලා පිච්චිලාම මමත් දැන් පරවෙලා මැලවිලා යනවා.... මට දැනෙනවා.........🌻🌻 ඩේශිත💙 - දැනුන තැන නවතින්න බැරි වුන අසරණ හිතකට රැදුන තැන දැනිලා රැදෙන්න පුලු...