08. Red Wine

276 59 20
                                    


මධ්‍යම රාත්‍රියට ආසන්න වී තිබුණත් නින්ද සෝයි වෙත නොපැමිණියා. ඇය සිටියේ පහළ මාලයෙන් ගලාගෙන ආ ජෑස් සංගීතයට සවන් යොමා ගෙනයි. ඉර බැස ගිය මොහොතේ පටන් ගත් ජෑස් සංගීතය තවමත් නිමාවකින් තොරව මන්දිරයම වෙලා ගෙන සිටින්නට එකම හේතුව ටේහියෝන් වුනා.

සවස් යා⁣මයේ සෝයි ඉහළ මාලයට පැමිණෙන්නට පෙර රෙඩ් වයින් බෝතලයක් අතැතිව ඈ දෙස බලා සිටි ටේහියෝන්ගේ සීතල දෑස් සෝයිගේ මනස පුරා සැරිසරන්නට වුනා. ඒත් සමඟම සිහින් ජෑස් සංගීතය අතුරෙන් ඇයට ඇසුණේ වීදුරැ බිඳි යන හඬකි. සයනයෙන් නැගිටුනු සෝයි තම කාමරයෙන් පිටතට වේගයෙන් ඇවිද ගියා. තරප්පු පෙළ බසිමින් පහළ මාලයට යන විට ඇයට⁣ පෙනුනේ බිත්තියට වැදී කුඩු වී ගොසින් තිබුනු වීදුරැ කැබලිය.

" අනේ... ආදිපාදතුමා... නවත්තන්නකො.. "



" ආදිපාදතුමා...! "






ටේහියෝන්ව අල්වා ගන්නට තැත් කරන ඒමි සහ ෆින් මහතා දෙස සෝයි බිය වී බලා සිටියා. මේ ඇය ටේහියෝන්ගේ නොදුටු පැතිකඩක් වුනා.

රත් පැහැ වුනු අහංකාර දෑස්... දාඩිය නිසා දිලෙන වත... ගැඹුරෑ බැල්ම.. වයින් නිසා මත් වුන ටේහියෝන් කිසිසේත්ම දැරීමට පහසු දෙයක් නොවුනා.





" ලීව්...... මී....... ජසට් ලීව්.... මී..........!!! "








ඒමිව සහ ෆින් මහතාව පසකට තල්ලු කල ටේහියෝන් කෑ ගසමින් ඔහු අත වුන වයින් බෝතලය පොළවට ගසා දැමුවා. වීදුරැ කටු සමඟින් බෝතල් අඩියෙහි වුන වයින් සෝයිගේ දෙපා පාමුළටත් විසිරි ගියා.

ඒමි සහ ෆින් මහතා කනස්සලු ස්වරූපයකින් ඔහු දෙස බලා සිටින විට සෝයි කඳුලු පිරිනු දෑසින් බිය වී ඔහු දෙස බලා සිටියා. සෝයිගේ කඳුලු පිරැනු නිල් පැහැ දෑස් දෙස බලා සිටි ටේහියෝන් තම මුවඟට කෙටි සිනහවක් නගා ගෙන පසුපසට යන්නට පටන් ගත්තා.



" අනේ.. ආදිපාදතුමා.. බලාගෙන..."





ටේහියෝන්ට පසුපසින් තිබුන වීදුරැ මේසය දැක ඒමි වද⁣වෙමින් පැවසුවත් ටේහියෝන් කලේ උන්මත්තක විලසින් සිනාසීම පමණි. ෆින් මහතා ජෑස් සංගීතය නවතා දැමුව පසු මන්දිරය පුරා විහිදුනේ ටේහියෝන්ගේ අසාමාන්‍ය සිනහා හඬ පමණි.




ONE LAST LOVE || KTH || COMPLETEDWhere stories live. Discover now