15. Ride in the Wind

257 58 12
                                    

දෙදිනක් ගත වුනේ පෙරට වඩා ටේහියෝන් සහ සෝයි එකිනෙකා සමඟ කාලය ගත කිරීමෙන්. බොහො විට එකට පුස්තකාලයේ සිට පොත් කියවන ඔවුන් දෙදෙනාම රාත්‍රි අහර නිතරම එකට ලබාගත්තා. පෙරට වඩා සිදු වන දෙනෙත් යා වීමෙදි සෝයි තම හද පාලනය කරගත්තේ අසීරැවෙනි.

දැනටමත් ඇය සිටියේ ටේහියෝන්ට ඇගේ සිතින්ම ප්‍රේම කරන්නට පටන් ගෙන. පෙරළා ආදරයක් ලැබෙන හෝ නොලැබෙන බව ගැන තැකීමක් නොකර සෝයි ටේහියෝන්ට ප්‍රේම කලා. ටේහියෝන්ගේ ගැඹුරැ දෑස්... තියුණු ඇහිබැම්.. සිහින් ඇහිපිහාටු.. සිහින් තොල්.. කඩවසම් මුහුණ.. දරදඬු අත් පා.. සවිමත් සිරැර.. සෝයිගේ හද සිරකරවුවත්.. ටේහියෝන්ගේ ප්‍රතාපවත් බව සහ ආඩම්බර බැල්මට ඇය වඩාත් පෙම් කලා.

ටේහියෝන්ගේ දෑස්වලට ඇය ප්‍රේම කලා.. නිහඬව කතා කරන ඒ දෑස්වලට ඇය ඇබ්බැහි වී තිබුනා.
.
.
.
.
.
.
.
.
.
.
.
.







සවස් යාමයේ සෝයි සිටියේ පොකුණේ සිටි මාලු පැටවුන් ගණන ගනන් කිරීමට ව්‍යර්ථ උත්සහයක යෙදෙන ගමන්. ටේහියෝන් තම අසු පිට නැග ඈ අසළට පැමිණියත් අසුගේ කුර ගැටෙන හඬ හෝ ඇසෙන්නට තරම් සිහියක් සෝයිට නොතිබුනා.




" පුදුම..... මෝඩකමක් නේ........"



ටේහියෝන්ගේ ගැඹුරැ නමුත් සිනහවක් ගැබ්ව තිබුන හඬින් සෝයි තිගැස්සි ගියා.




" මයි..... ඩියුක්......"



" දැන් මාලු ගැනලා ඉවරද... කීයක් ඉන්නවද...? "




ටේහියෝන් ඔහුගේ සිනහාව තොල් අතර සිරකරගෙන බැරූරැම් පෙනුමක් මුහුණට ගෙන ඇසුවා.


" මේ...... දම් පාට මාලුවයි... තැඹිලි පාට කෙනෙයි.. හොර කරනවා නේ..."




සෝයි පොකුණ දෙස බලාගෙන පැවසු විට ටේහියෝන් සිනහා වී ඇය දෙස බලා සිටියත් සෝයි දක්නට පෙර එම සිනහාව නවතාගත්තා.



" මාලු ගනින්න ඔයිට වඩා හොද ක්‍රමයක් හොයාගන්න.... "




තම අසු ආපසු තණ පිටිය වෙතට හරවා ගනිමින් ටේහියෝන් පැවසුවා. මද දුරක් ගිය ටේහියෝන් තම අසු නවතා ගත්තේ සෝයිගේ හඬින්.



ONE LAST LOVE || KTH || COMPLETEDWhere stories live. Discover now