සතියක අවෑමෙන් ටේහියෝන්ට සිද්ධ වුනා තම ආයතනයක කටයුත්තකට නගරයෙන් පිටව යාමට. එකවරම යාමට සිදුවුන නිසා සෝයි ඇගේ මුහුණ හකුලගන්නා දෙස ටේහියෝන් බලා සිටියේ තරමක වේදනාවකින්. ටේහියෝන්ගේ සිත කැමති සෝයිගේ සිනහාව දැකීමට.
" ඉක්මනින් එනවා නේද...මයි ඩියුක්.."
ටේහියෝන් ඔහුගේ බෙන්ස් රථයට නගින්නට යන විට සෝයි ඔහුගෙන් විමසුවා. සෝයිගේ නිල් පැහැ දෙනෙත් දෙස මොහොතක් බලා සිටි ටේහියෝන් මද සිනහවක් සමඟ ඔහුගේ හිස ඉහළ පහළ කලා.
ඉක්මනින් නැවත යාමට සිතුවත් දින කිහිපයක්ම ටේහියෝන් ඔහුගේ කටයුතු සමඟ සිර වුනා. සිව් වන දිනයෙහි උදෑසනම ඔහු නැවත මන්දිරය බලා පිටත් වුනේ සෝයිව දැකගැනීමට ඔහුගේ සිත තුල වුන නොසන්සුන් ආශාව සන්සිදුවා ගැනීමටයි. පිටත් වීමට මත්තෙන් ඔහු මන්දිරයට ඇමතුමක් ගන්නේ ඔහුගේ පැමිණිම දැන්වීමටයි. නොසිතුව ලෙසින් එහා පසින් සෝයිගේ හඬ ඇසෙද්දි ටේහියෝන්ගේ මුහුණට සිනහවක් නැගුනා.
" හෙලෝව්......"
" හලෝ.... මේ අයි ස්පීක් ටු ලේඩි කිම්..."
" යස්.... ස්පීකින්...... වෙයිට්.... ටේ... ටේහියුන්.... ඕ... සොරි.... මයි..ඩියුක්.. "
සෝයිගේ කලබලයට පත් හඬ ඇසෙන විට ටේහියෝන් තම සිනහව අපහසුවෙන් වළකා ගෙන තම ගැඹුරැ හඬ අවධි කලා.
" යන්ග් ලේඩි... කැන් අයි හෑව් යුවර් හෑන්ඩ් ෆෝර අ ඩාන්ස්.... ටු නයිට්...? "
ටේහියෝන් ගැඹුරැ නමුත් හැඟුම්බර හඬකින් විමසුවා.
" මයි....ඩියුක්....ඔයා අද එනවද..? "
" ම්මම... යන්ග් ලේඩිගේ ටේහියුන් තමයි එන්නේ..... "
ටේහියෝන් කියු විට සෝයි සිනාසුනා.
" ඩියුක් කිම් ටේහියෝන්ට... මේ තරම් හොඳට ෆ්ලට් කරන්න පුලුවන් කියලා මම හිතුවේ නැහැනේ... "
" ඔයා නොහිතපු ගොඩක් දේවල් මට පුලුවන්....."
සිව් දිනකට පසු සවන් වැකෙන හඬින් සෝයි මෙන්ම ටේහියෝන් ද හදවතින්ම සිනාසුනා. ඊට මොහොතකට පසු ටේහියෝන් සහ සෝයි ඇමතුමෙන් සමුගත්තේ හවස් වන විට හමුවන බලාපොරොත්තුවෙන්.
YOU ARE READING
ONE LAST LOVE || KTH || COMPLETED
FanfictionUntil I Feel You... A Kim Taehyung Fanfiction By_Ayo Boy × Girl Start :- 2023.03.04 End :- 2023.06.16