05. Blood Stain

301 65 22
                                    

දෑස් මතට වැටුනු සිහින් හිරැ එළිය නිසා සෝයි තම ඇසිපියන් සෙමින් විවර කලා. සිරැරෙන් දැනෙන වේදනාව නිසා ඇගේ මුවින් සිහින් කෙදිරියක් පිටවුනා.


" ගුඩ්මෝනින් මැඩම්.. අපි වොශ් කරගමු.. නේද..! "



විවර වුන දොරෙන් ඇතුලු වුන ඒමිගේ හඬින් සෝයි මදක් තිගැස්සි ගියා මෙන්ම ඇයට යම් අපහසු හැඟීමක් දැනෙන්නට පටන් ගත්තා. නමුත් සිරැරෙන් දැනෙන වේදනාව ඇයව අල්වා ගෙන සිටින නිසා ඒමිගේ සහය තමාට අවැසි වග සෝයි දැන සිටියා. පාදවල සිට කොන්ද හරහා නැගෙන වේදනාව නිසා ඇයට ඇවිදිමට අපහසු වන වග සෝයිට වැටහුනා. ඇරත් එලෙස නැගිට යාමට තරම් ඇගේ සිතත් ඒ මොහොතේ සවිමත් නොවුනා. අලුයම ටේහියෝන් නික්මුනු සැටි මතක් වීමෙන් නැවතත් ඇගේ හද රිදුම් දෙන්නට ගත්තා.


" හො...හොදයි.. ඒමි.. මට එහෙනම්.. වොශ්රෑම් එකට යන්න උදව් කරන්නකෝ..! "



ඒමිගේ සහය ඇතිව පිරිසිදු වුන සෝයි සැහැල්ලු ගවුමකින් සැරසි කාමරය වෙතට එන විට ඒමි ඇගේ කාමරයෙහි වුන ඇඳ ඇතිරිලි ඉවත් කරමින් සිටියා. සුදු කහ මිශ්‍ර ඇද ඇතිරිල්ල මත වුන ලේ පැල්ලම අහඹු ලෙස සෝයිගේ අවධානයට ලක් වුනත් ඇය ඇගේ දෑස් ඉන් ඉවතට ගත්තා.


" මැඩම්.. බ්‍රෙක්ෆස්ට් එක අරගන්න පහළට යනවද... නැත්නම් රෑම් එකේම ඉන්නවද.? "


" අහ්හ.. රෑම් එකට ගෙන්න... මට.. ටිකක්..! "


" හො..දයි.. මැඩම්... මම ගේන්නම්..! "


පහළ මාලයට ඇවිද යාම මදක් අපහසු වුනත් ටේහියෝන් හමුවෙන් තමාගේ දෑස් වලින් නැවතත් කඳුලු වැගිරේ⁣යිදෝ යන බියෙන් සෝයි පසුවුනා. ඔහු ඉදිරියේ එලෙස සිටිමට සෝයි අකමැති වුනා. සෝයිගේ මුහුණේ වුන කලබලකාරී හැඟීම් ⁣වටහා ගත් ඒමි සෝයි ඇගේ හේතූන් පහදා දීමටත් පෙරම කාමරයෙන් පිටව ගියේ අපිරිසිදු වුන ඇද ඇතිරිල්ලිත් රැගෙනයි.

ONE LAST LOVE || KTH || COMPLETEDWhere stories live. Discover now