වසර තුන්සියයකට පෙර සිදු වුන ඛේදනීය සිදුවීමේ ප්‍රතිථල තවමත් සිදුවෙමින් පැවතුනා. නිදා සිටි ටේහියොන් එකවරම ඇහැරැනේ තමා විසින්ම කලකට පෙර ප්‍රේම කල... යුදෙව් තරැණිය හේසල්ගේ කෝපගත් හඬ ඔහුගේ දෙසවන් වල දොංකාර දී සිහිනයක්ව පැමිණි නිසයි.වායු සමනය කල සුවපහසු කාමරයේ සිටියත් ටේයෝන්ගේ නිරැවත් පපුව මතින් දාඩිය බිඳු ගලා යන්නට වුනා. ඔහුගේ කලු පැහැ කෙස් මුණටම ඇලි තිබුන අතර ඔහුගේ මුහුණේ තිබුනේ වේදනාව මෙන්ම එපා වීම මිශ්‍ර වුන හැඟිමකි.
" මං තව කොච්චර කාලයක් ජීවත් වෙන්න ඕනේද...!!! "
" අහ්හ... ෆක්...!!! "
ටේහියෝන් ඔහුගේ කොන්ඩය තදින් ඇද ගන්න ගමන් නැවතත් ඇද මත දිගා වුනා. වසර තුන්සියයකට අධිකව දිවි ගෙවීම ටේහියොන්ව මහත් විඩාවට පත් කර තිබුනා. ගෙවුන අවුරැදු පුරාම හරිහමන් නින්දක් හෝ නැතිව ගෙවන ඔහුගේ දිවිය හුදකලාවෙන් සහ පාලුවකින් පිරි තිබුනා. ටේයෝන්ගේ ඔහුගේ මරණය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සුදානමින් සිටියත් එය එක් නිශ්ඵල දෙයක් වී තිබුනා.
වසර ගණනාවක් ඔහුගේ පවුලේ තම ආදරණීයන්ගේ වෙන්වීමේ වේදනාව විදි ටේහියොන් ඔහුගේ හැඟිම් තවදුරටත් අත්හැර වලදැමු අතර කෙදිනක හෝ මරණය බලාපොරොත්තුවෙන් ඔහු කල්ගෙව්වා. එය ඔහුගේ එකම බලාපොරොත්තුව වුනා. මීට වසර තුන්සියයකට පමණ පෙර තම මව තමා හැර ගිය අයුරැ ටේහියොන්ගේ මතකයට නැගුනා.
" මගේ පුතා.........!!! "
" ප්ලීස්.... මදර්.... ස්ටේ කාම්..! "
" ටේ...ටේහියොනා...!! මට... මට.. පොරොන්දු වෙන්න... ඔයා කවදාම හරි විවාහ වෙනවා කියලා... ඔයාට කොච්චර කාලයක් මෙහෙම ඉන්න වෙයිද.. කියලා මම දන්නැ... ඒත් තනියම විදවන්න එපා මගේ දරැවෝ... ඔයාට හිනාවෙන්න පුලුවන් එකම එක හේතුවක් හරි... හොයාගන්න..! "
" කතා...කරන්න එපා... ප්ලීස්...! "
සුදු පැහැ ගැන්වී තිබුන තම මවගේ කොන්ඩය පසෙකට කරමින් ටේහියොන් කඳුලු පිරැනු දෑස්වලින් පැවසුවා. ඔහුගේ මව හුස්ම ගැනීමට දරන උත්සහය ටේහියොන්ට විසල් වේදනාවක් වුනා.
![](https://img.wattpad.com/cover/335904000-288-k773354.jpg)
YOU ARE READING
ONE LAST LOVE || KTH || COMPLETED
Fiksi PenggemarUntil I Feel You... A Kim Taehyung Fanfiction By_Ayo Boy × Girl Start :- 2023.03.04 End :- 2023.06.16