07. Golfing

251 62 29
                                    


ටේහියෝන්ගේ සහ සෝයිගේ විවාහයෙන් පසු සති දෙකකට ආසන්න කාලයක් ගෙවී ගොසින් තිබුනේ හීයක වේගයකිනි. නමුත් ඔවුන් පෙර පරිදිම එකිනෙකා සමඟ වචනයක හෝ කතා බහකින් තොරව කල් ගෙවුවා.

දුඹුරැ පැහැයට හුරැ ස්කාෆයක් ගොතමින් සිටි සෝයි එහි අවසන් ගෙතුමත් දමා පහළ මාලයට පැමිණියේ සවස් වී තිබෙන විටයි.





" ඒමී... කොහෙද.. ආදිපාදතුමා..? "






මුලුතැන්ගෙයට ගිය සෝයි ඇසුවේ කේක් ගෙඩියක් සදමින් උන් ඒමිගෙනි.



" අහ්... මං හිතන්නේ.. සෙල්ලම් කරන්න යන්නැති.. මැඩම්..."

" මොන සෙල්ලම්ද..? "

" අහ්.. ගොල්ෆ්.. ගහන්න... හවස අශ්වයෝ පදින්නැත්නම්... අනිවාර්යයෙන් ම ගොල්ෆ් ගහන්න යනවා.."


" අහ්... මැඩම් උයන..පිටිපස්සට වෙන්න තියන ලොකු මිටියාවතේ... ඇති.."



ඒමි ඉක්මනින් පැවසුවේ ඒ වන විටත් සෝයි මුළුතැන් ගෙයින් නික්ම ගොස් තිබුන නිසයි. ගෙවුණු සති දෙක පුරාවටම ටේහියෝන් පසුපස යාම සෝයි සිදු කල අතර ඒමි ඇයව කෙතරම් නැවතීමට උත්සහ කළත් එය පලකට ඇති දෙයක් නොවුවා.⁣ සෝයිගේ මෙම ක්‍රියාවන් ගැන ටේහියෝන් දැන සිටියත් ඔහු ඒවා ගණනකට නොගත්තා.

ටේහියෝන්ගේ දින චර්යාවන් ලෙසින් උදෑසන මල් උයනෙහි ඇවිදීම.. ⁣පුස්තක කියවීම.. දහවල් අහාරයෙන් පසු ලියකියවිලි බැලීම... පසුව අශ්වයකු පිට යාම.. හෝ ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදීම වැනි කටයුතු ඇතුලත් වුනා. සෝයි ඇයට කිරීමට විශේෂ දෙයක් නොමැති නම් ඔහු පසුපස ගොසින් එදෙස බලා සිටීමට පුරැදු උනා.

උයන පිටිපසට ඇවිද ගිය සෝයිගේ නෙත ගැටුනේ මිටියාවත කෙලවරේ සිටි ටේහියෝන්වයි. ඔහු ගෝල්ෆ් බෝලයක් ගෙන පිරිමදිමින් සිටියා. එය භූමිය මත වුන ඇබයකින් රැදවු ඔහු තම ගොල්ෆ් පිත්ත ගෙන එහා මෙහා කරන්නට පටන් ගත්තා. මේ දෙස බලා සිටි සෝයි තම මුවින් නැගුනු සිනහව වළකා ගෙන පඳුරැ තුළින් මෑත්ව මිටියාවත වෙත පය තැබුවා. සෝයි කප්පාදු කල තණ පිරිනු මිටියාවත දෙස බලමින් ඇවිද යන්නට උනු අතර ටේහියෝන් තම ගොල්ෆ් පන්දුව වෙතට වේගවත් පහරක් එල්ල කලා. වේගයෙන් පැමිණි ගෝල්ෆ් පන්දුව සෝයිගේ දෙපා අසළ නතර වුන විට ටේයෝන්ගේ මෙන්ම සෝයිගේ දෑස් ද එකිනෙක යාවුනා.

ONE LAST LOVE || KTH || COMPLETEDWhere stories live. Discover now