සෝයි තම දෑස් විවර කලේ උදෑසන සෞම්‍ය හිරැ ධාරාවන් ඇගේ වත සිපගත් නිසයි. සෝයිට මුලින්ම දැනුනේ තම අතට දැනුන ග්‍රහණයයි. ටේහියෝන් සිටියේ සෝයිගේ අතක් අල්වාගෙන හිස ඇගේ කුස සමීපයෙන් ඇදට බර කරගෙනයි. මුහුණට සිනහවක් නගා ගත් සෝයි ටේහියෝන්ගේ හිස දෙසට සෙමින් ඇගේ අතක් රැගෙන ගියා. සෝයිගේ ස්පර්ශ දැනුන මොහොතේම ටේහියෝන් දෑස් විවර කොට හිස ඔසවා ඇය දෙස බැලුවා.
" සෝ....සෝයි...."
ටේහියෝන්ට දැනුනේ තම උගුරේ යමක් සිර ව ඇති බවක්. සිනාසුන සෝයි දිලෙන දෑස්වලින් ටේහියෝන් දෙස බලා සිටියා.
" ගුඩ්මෝනීන්... මයි ඩියුක්..."
" ටේ...ටේහියෝන්... මගේ නම කිම් ටේහියෝන් කියලා දන්නැද්ද....? "
" ම්මම..ගුඩ්මෝනීන් ටේහියුන්......"
සෝයි පැවසු විට ටේහියෝන් දැල්වෙන දෑස්වලින් ඇය දෙස බලා සිටියා. ඇගේ අතක් අල්වා ගත් ටේහියෝන් ඒ මතින් සියුම් සිපුමක් තබා නැවතත් සෝයි දෙස බැලුවා. ඔහු තම ඇඟිල්ලකින් සියුම් ලෙස සෝයිගේ අත පිරිමැද්දා.
" ඔයා මගේ දරැවාගේ මමා වෙන්න යන්නේ... සෝයි... "
ටේහියෝන් ලා දුඹුරැ පැහැ දෑස් දෙස බලා සිටි සෝයිගේ දැස්වලට කඳුලු එකතු වුනා.
" කිම් ෆැමිලි එකට හෙයර් කෙනෙක් දීලා.. මං වෙනුවෙන් මගේ පොරොන්දුව.... රැක්කට ස්තූතියි.."
" පොරොන්දුව........? "
සෝයි කුතුහලයෙන් විමසුවා.
" මම මගේ මමාට පොරොන්දු උනා.. කිම් ෆැමිලි එක.. රැකගන්නවා කියලා.. සතුටින් ඉන්නවා කියලා......
.
.
.
.
.
.ඔයා... ඒක රැකගත්තා.. වගේම මට සතුටක් දැනෙනවා........ "
ටේහියෝන් මද සිනහවක් සමඟින් පැවසුවා. සෝයි තම දෑස් වසා ගත්තේ ටේහියෝන්ගේ දෙතොල් ඇගේ නළලත ස්පර්ශ වුන නිමේෂයේදියි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.මාස නමයකට පසු.......
![](https://img.wattpad.com/cover/335904000-288-k773354.jpg)
YOU ARE READING
ONE LAST LOVE || KTH || COMPLETED
Hayran KurguUntil I Feel You... A Kim Taehyung Fanfiction By_Ayo Boy × Girl Start :- 2023.03.04 End :- 2023.06.16