19. Breathing & Living

274 57 7
                                    

දින සති මාස ගත වුනේ පුංචි සෝයෝන්ග්ව තම මවටත් පියාටත් නැතුවම බැරි පුංචි හුරතලයෙක් කරමින්. සෝයොන්ග් නිසා මුලු කිම් මන්දිරයම නව පණක් ලබා තිබුනා.
.
.
.
.
.
.
.
.
.
.
.

සෝයි සිටියේ ටේහියෝන්ගේ දෑත් අතර සුවපහසු නින්දකට සිර වීගෙනයි. ටේහියෝන් තරයෙහි ඇයව වැළඳගෙන සිටි අතර ටේහියෝන්ගේ උණුසුමට සෝයි තව තවත් ගුලි වුනා.

නමුත් ⁣ඔවුන් දෙදෙනාම අවධි වුනේ පොරවා සිටි ⁣පොරවනයෙන් ඔවුන්ගේ දෙපාවල සිට උඩට පැමිණෙන පුංචි සොයොන්ග් නිසයි.


" ඔන්න ඇවිත්....වදකාර බිංකුන්ඩා..."


ටේහියෝන් මැසිවිලි නගමින් ඈත් වුනේ ඒ වන විටත් සෝයිගේ උණුසුම් පපුවට ගුලි වුන සොයොන්ග් නිසයි. ටේහියෝන් තම මුහුණ පුම්බාගත්තත් ඉක්මනින් ම සොයොන්ග් මැදි කරගෙන සෝයිවත් තම තුරැලට ඇද ගත්තා.

" හැපි බත්ඩේ.... මගේ යොනාට..... "

" හැපි බත්ඩේ පුංචි බිංකුන්ඩෝ....... "





" ජින්ජා..... අද යොනාගේ බුත් දේ එකත.."




සොයොන්ග් ⁣පුදුමයෙන් ටේහියෝන් දෙසත් සෝයි දෙසත් මාරැවෙන් මාරැවට බලමින් පැවසුවා. ටේහියෝන් සිනාසෙමින් ඔහුව තම තුරැලේ හොවා ගෙන ඒ පුංචි කොපුල් වලින් හාදු තැබුවා.



" හරි.. හරි..... ඩැඩයි....බබයි වොශ් කරන් එන්න...  අපිට අද කේක් කපන්නත් තියනවා නේ...... "


සෝයි ඇදෙන් බැස ගියේ එලෙස පවසමින්. සෝයි පිටව ගිය විගසින් ඇදෙන් බැස ගත් සොයොන්ග් ඉක්මනින්ම නානකාමරය වෙතට ගියා. ඒ දෙස බලා සිටි ටේහියෝන් ඉක්මනින් ඇදෙන් බැස ගත්තා.








" දැදා..... කම් ඉයර්..... වොස් කලන්න පාක්කු වෙනා..... මමි බනි......"





" වන් මිනිට් මගේ බිංකුන්ඩෝ..... "






ටේහියෝන් තමා ඇද සිටි කබායත් කලිසමත් වේගයෙන් ගලවා දැමුවේ සොයොන්ග් ගේ හඬ ඇසුණු ගමන්මයි. කෙටි කලු පැහැ කලිසමක් පමණක් ඉතිරි වන්නට නිරැවත් වුන ටේහියෝන් ඉක්මනින් නානකාමරය වෙත ගියා. ඒ වන විටත් පුංචි සොයොන්ග් සිටියේ ඔහුගේ ඇදුම් ගලවා ගැන්මට උත්සහා කරමින්.




ONE LAST LOVE || KTH || COMPLETEDWhere stories live. Discover now