සෝයි තම දෑස් විවර කලේ නින්දත් නොනින්දත් අතර මොහොතක් සිටිය පසුවයි. ඇද මත තමා පමණක් ඉතිරිව සිටියත් ඇය අසළින්ම යම් උණුසුමක් තිබි ඇති වග සෝයිට සිතුනා. යටිබඩින් දැනෙන වේදනාවත්... කොන්ද අසළින් නැගි යන සියුම් රිදුමත් මැඩගත් සෝයි සුදු පැහැති පොරවනයත් තම නිරැවත් සිරැරෙහි දවටාගෙන ඇදබැස ගත්තා.
තිර රෙදි මෑත් කර විසල් ජනේල් කවුලු විවර කොට කාමරය ආලෝකමත් කල සෝයි බැල්කනිය අසළට ගියා. සෞම්‍ය උදෑසනෙහි හිරැ ප්‍රබෝධමත් ව නැගි සිට තිබුනා. හිරැ එළියෙන් විකසිත වී තිබුන මල් ගොමු වටා බඹරැන් මෙන්ම සමනලුන් ද රඟමින් සිටියා. මන්දිරය ඉදිරියෙහි තිබුන විසල් ජල පොකුණ වටා තිබුන මල් කිනිතිවල සුවඳ සෝයිට දැනුනා. සිනාසුන සෝයි දෑස් වසාගෙන එය විදගත්තා.
සෝයි තම දෑස් විවර කලේ අශ්වයෙකුගේ කුර ගැටෙන හඬකින් ය. ටේහියෝන්ගේ සහ සෝයිගේ දෑස් ගැටීමට ගියේ නිමේෂයකි. තම අසු මත ගාම්භිර ලෙස සිටි ටේහියෝන් සෝයිගේ බැල්කනිය දෙස බලා සිටියා. ටේහියෝන්ගේ කෝපය පිරැනු තියුණු දෑස් හමුවේ සෝයිට දැනනේ තම සියොළඟ ඇවිලි යන බවකි.
" ඒක..... බය හිතෙනවා.........!! "
බැල්කනි දොර වසා දමා ඉක්මනින් කාමරය තුළට පැමිණි සෝයි තමාටම මුමුණා ගත්තා. ටේහියෝන්ගේ අඳුරැ දෑස් ඇගේ සිත පුරා සැරිසැරැවත් සෝයි නානකාමරය වෙත ඇදුනේ පිරිසිදු වී ඇදුමක් හැද ගැනීමටයි.
උණුසුම් වතුරෙන් ඇඟ දොවාගත් සෝයි සැහැල්ලු නිල් පැහැති ගවුමක් හැද තම කොන්ඩයෙහි වුන තෙත ගතිය නැති කරලීමට එය පිසලමින් සිටියා.
" මැඩම්...... මම ඒමි..."
" එන්න.. ඒමි...."
කාමරයෙහි දොරට තට්ටු කොට පැමිණි ඒමි සෝයිගේ උදෑසන අහරත් කිරි වීදුරැවත් ගෙනවිත් තිබුන අතර ඈ එය කාමරයෙහි වුන මේසය මතින් තැබුවා.
" ඒමි.. ඇයි මාව ඇහැරෙව්වේ නැත්තේ...? "
" ආදිපාදතුමා මැඩම්ට විවේක ගන්න දෙන්න කිව්වා ඇති තරමක්..."
සෝයි පුදුමයෙන් ඒමි දෙස බලා සිටින විට සිනාසුන ඒමි කිසිවක් නොකියා ඉක්මනින් කාමරයෙන් පිටවුනා. සෝයි ඇගේ වෙනස් හැසිරීම දෙස පුදුමයෙන් බලා සිටියත් මොහොතකින් නැවතත් ඒමි ඇගේ කාමරයට පැමිණියා.
" ඒමි....... මොක...ද........"
සෝයි අසන්නට ගිය දේ ගිලගත්තේ ඒමිගේ අත් අතර තිබුන මල් කළඹ දැකීමෙනි. පහළ මිදුලේ පොකුණ වටා වවා තිබුන කුඩා මල් කිනිති විසල් පොකුරක් ලෙස ඒමිගේ දෑත් අතර සිරවී තිබුනා. සිනාසුන ඒමි මල් පොකුර සෝයිගේ දෑත් අතර රැදවුවා.
" මේ........"
" ආදිපාදතුමා..... තමයි ඕවා කඩලා එකතු කලේ...... මේක මැඩම්ට දෙන්න කිව්වා.."
සෝයි දෙනෙත් විසල් කරගෙන ඒමි දෙස බලාසිටියා.
" ඒ වගේම තව කිව්වා... ආදිපාද මැතිණියක්... ඩුවට් එකක් විතරක් ඇඟ වටේට ඔතාගෙන.. බැල්කනි එකකට එන එක හොදයි...ද... නරකයි... ද කියලා අහන්න කියලා..."
ඒමි පැවසු විට සෝයිගේ මුහුණ සිනාවකින් සැරසී ගියා. තම දෑත් අතර වුන මල් කිනිති දෙස බලා සිටි සෝයිගේ නිල් පැහැ දෑස් දිලෙන්නට වුනා. මල් පෙති අතර වුන සුවඳ ඇගේ ගත පුරාම නැවුම් ලෙස විහිදි ගියා.
_________________________________
චැප්ටර්ස්වල අංක බලලා කියවන්න ඇ.. පැටලෙයි... දවසකට කීයක් දෙයි ද කියලා මටත් ශුවර් එකක් නෑ..
YOU ARE READING
ONE LAST LOVE || KTH || COMPLETED
FanfictionUntil I Feel You... A Kim Taehyung Fanfiction By_Ayo Boy × Girl Start :- 2023.03.04 End :- 2023.06.16