16. Boxy Smile

261 61 34
                                    

සතියක් ගත වුනේ සෝයිට අසු පැදවීමත් හොදින් හැකි වන ලෙසිනි. ටේහියෝන් සෝයිට අසු ධාවනය පහසුවෙන්ම ඉගැන්වුවා. ටේහියෝන් තම අසුන් අතර සිටි ශ්වේත වර්ණ අසු ග්‍රැප්සටර්ව සෝයිගේ තනි පාවිච්චියට වෙන් කලා. ග්‍රැප්සටර් සෑම අතින්ම සන්සුන් මෙන්ම ශක්තිමත් අශ්වයෙක් වුන අතර සෝයි ඔහුට වඩාත් ප්‍රිය කලා.

දහවල් ආහර ගත් පසු සෝයි අස්වහල වෙත දිව ගියේ ග්‍රැප්සටර්ගේ සුදු පැහැ කෙස් පීරා පිළිවෙල කිරීමටයි. ඒ කටයුත්ත සඳහා සෝයි මෙන්ම ග්‍රැප්සටර් ද වඩාත් ප්‍රියතාවයක දැක්වුවා.



" ග්‍රැප්සටර්..... බලන්න... මම ඔයාට ගෙනාපු ඒවා.... මෙතන ඇපල් තියනවා.. තව මිදි.. "


දහවල් කෑම මේසයෙහි අතුරැපසට තිබුනු පළතුරැ අතරින් ග්‍රැප්සටර් ප්‍රිය කරන රතු පැහැ ඇපල් සහ කොළ මිදි ගෙඩි කිහිපයක් සෝයි ඔහු වෙත රැගෙන ආවේ සතුටින්.

ග්‍රැප්සටර්ව පිරිමදින අතරතුරේ සෝයිගේ දෑස් ගියේ ෆින් මහතා සමඟින් තණ පිටිය දෙසට ඇවිද යන ටේහියෝන්වයි. ෆින් මහතා සතුව ටේහියෝන්ගේ ගොල්ෆ් බඩු කට්ටලය තිබුන අතර බැරට් කැපයක් දමාගෙන සැහැල්ලු කලිසමක් සහ ස්විට්ශර්ට් එකක් හැද සිටි ටේහියෝන්ගෙන් තරමක සැහැල්ලු බවක් පෙනුනා. ගොල්ෆ් පිත්තක් කරකවන ගමන් ඇවිද යන ටේහියෝන් දෙස බලා සිටි සෝයි සිනාවක් සමඟ ඒ දෙසට ඇවිද ගියා.






" මයි ඩියුක්........!!! "










" මටත් කියලා දෙන්නකො........!!! "







සෝයිගේ හඬින් නතර වුන ටේහියෝන් ආපසු හැරි ඈ දෙස බැලුවා. ටේහියෝන් තම මුහුණ හකුලුවාගත්තත් සිහින් කරගත් දෑස්වලින් ඈ දෙස බලාසිටියා.





" හොදයි... හැබැයි... කොන්දේසියක්... පිට.."







" මොකක්ද.....? "




ටේහියෝන් අසළට පැමිණ ඔහු ඉදිරියෙන් සිට ගත් සෝයි විමසුවා.




" දවස් පහක්.... මම දාන ⁣ගොල්ෆ් බෝල.. හැමඑකක්ම අහුලන්න ඕන.. ඊට පස්සේ තමයි.. කියලා දෙන්නේ..."





ටේහියෝන් දෙතොල් කොනට නගා ගත් සිනහවක් සමඟින් බලා සිටින විට මුහුණ පුම්බා ගත් සෝයි මද වෙලාවකට පසු ටේහියෝන්ට එකඟ වෙමින් තම හිස ඉහළ පහළ කලා.


ONE LAST LOVE || KTH || COMPLETEDWhere stories live. Discover now