හලෝව් ඔයාලාට කොහොමද ඔන්න දීර්ඝ කාලෙකට පස්සෙ update එකක් අරන් ආවා. ආයි මන් අතුරුදන් වෙයි කියලා බයද ? බයවෙන්නෙපා මේක කොහොම හරි දිගට දීලා ඉවර කරලා තමා අතුරුදන් වෙන්නෙ. හී විහිලුවක් කලේ ආයි අතුරුදහන් වෙන්නෑ. හබැයි මන් තීරනයක් ගත්තා ආයි කතාවක් දානවා නම් සම්පූර්ණ කතාවම complete කරලා දාන්නෙ. sorry පරක්කු වුනාට.
┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉
ඉක්මනින් හොස්ටල් එකෙන් පැනගත්තාට මොකද දැන්න හිතෙනො අපරාදෙ එහෙම කලේ කියලා. එයා මාව දැක්කද? නෑ වෙන්න බෑ යාළුවත් එක්ක කතාවකනෙ හිටියේ. නොදැක්කා වගේ මාරුවෙන්න ඔනා."හේයි මිස් කිස් "
ඔශ් මේ කෙයාන්ටත් එන්න වෙන වෙලාවක් තිබුනේ නැද්ද මන්දා.
"කොහෙද හැරිලා යන්නෙ
නෑ මේ මන් ....
ඕඔ"
සහස් අයියායි ,පයිතායි ,කෙයානුයි තුන්දෙනාම එක පාර අහනො. අද නම් මට ගැලවිමක් නෑ.
"මේකයි මගේ වතුර බොතලේ හොස්ටල් එකේ දාලා ඇවිල්ලා මන් මේ ආයි යන්න හැදුවෙ එක ගේන්න
ආ.......///
මේ මන් ඔක අරන් එනම්
අහ්"
කෙයාන් ඇසක් ඉගිමරමින් කිවේය.
"ඔව් එහෙම කරමු. ඔයාට ඔනාම නම් දැනට ඔයාගේ මේ ප්‍රේම කුරුල්ලාගේ වතුර බෝතලේන් බොන්න පුලුවන්"
දැන්නම් පොලොව පලන් යතෑකි ලැජ්ජාවට.
"හරි හරි ඔරවන්න එපා. ප්‍රේම කුරුල්ලො කූඩු හදාගන්න මන් යානෝ බඩට මොනාහරි දාගන්න මන් කැපුනා කොල්ලො"
මගේ අපහසුතාවය තේරුණ නිසාද මන්ද කිස් සින්නා හොදම එකෙන් පයිතාට එරෙව්වා.පයිතා ගියාට පස්සෙ මාත් එයත් එක්ක කැන්ටිම පැත්තට ගියා. වෙනදා වගේ නෙවෙ අපි lovers ලා විදියට මෙහෙම එකට යන පළවෙනි පාර නොකිව්වට දෙන්නටම පොඩි අමුතු ගතියක් දැනුනා එයත් මගේ දිහා බලන්නැතුව යන ගමනින් එක මට තේරුණා.
මට කැන්ටිමෙන් වාඩිවෙන්න කියලා එයා ගියා කෑම අරන් එන්න. හෝව් පොඩ්ඩක් ඉන්න දැන් එයා ඔය ගියාට මන් කන්නෙ මොනාද ඇහුවෙ නෑනෙ.
කමක් නෑ ඔහේ ඔනා එකක් කන මන් වගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නිසා හොදයි.
YOU ARE READING
Dear Diary
Romanceඔයා හිතන්නෙ dairy එකකට මොනාද කරන්න පුලුවන් ඔව් ඔයා කියයි ඔයා කියන ඔනා දෙයක් අහන් ඉන්න නිහඩ, විශ්වසනීය මිතුරෙක් කියලා. ඔව් ඔයා හරි එත් මන් කිව්වොත් dairy එකකට ඊටවඩා දෙයක් කරන්න පුලුවන් කියලා ඔයත් කියයි වෙන්න පුලුවන් කියලා හැබැයි මන් කිව්වොත් dairy...