෴ක්‍රශ් එක෴

36 10 7
                                    

අද නම් මන් ඉවරයි අද කිස් සිනා ශිෂ්‍යසභාපතිලු පුදුම අවාසනාවකට සින්න මාව දැක්කා කට කොනින් හිනාවකුත් දැන්මා

"ගුඩ් ලක් බන් උබ ඉවරයි වගේ"
හංසි අක්කගේ වචන ටිකට මන් තවත් බයවුනා

සහස් අයියා කැම්පස් එකේ වැඩ වෙනවිදිය ගැන දිග දේශනයක් දුන්නා.

"දැන් ඔයාලා හැමෝම ඔයාලා ගැන මෙතෙන්ට ඇවිත් හැදින්වීමක් කරන්න, එ වගෙම හැමෝම හැමෝගෙම නම් දැනන් ඉන්න ඔනා නැත්නම් කට්ටියටම වල ලගට බඩගාතැහැකි."

මේපාර කතා කලේ පැණි සින්නා , එහෙම කිව්වට එයා  කෙයාන් සෙනිරු ලු. ඔන්න සහස් අයියා මොනාද කිව්වා ඔව් සුභ මොහොතින් මන් අවසන් වගේ

"කවුද බලමු මේක පටන්ගන්න වාසනාවන්තයා හෝ හෝ වාසනාවන්තිය
ඔය රතු නංගි එන්නකො ඉස්සරහට දෙන්න ඔයාගේ ඉන්ට්‍රො එක"

හරි කාලා වරෙන් මටම පටන්ගන්න උනා නේද

"බෙස්ට් ඔෆ් ලක්"
ලග ඉන්න උන් මාව බයකන්නො තව

"ඔතන නෙවෙ නංගි මෙතන

ආ දැන් හරි කියන්න කො අදුරගන්න ඔයා ගැන"

ෆීලින් ඔසම් හිතන්නකො හයසීයක් විතර ඔයා දිහා බලන් ඉද්දි ඔයාට කතාකරන්න කිව්වම කෝමද එකත් කිසිම සූදානමක් නැතුව

"කියන්න නංගි ඉතින්

හරි ම්ම්ම්ම්
මන් නිවාරා සෙව්වන්දි වීරසේකර
මන් ගාල්ලෙන්

ඔහ් ඔයාගේ නම ම්ම්ම්නිවාරා සෙව්වන්දි වීරසේකරද"
කෙයාන් අයියා පරණ තරහ පිරිමහනොවගේ

"එච්චරද"
එ පාරනම් ඇහුවෙ සහස් අයියා; මූට නම් මාත් එක්ක තීන්නෙ එසේ මෙසේ තරහක් නෙවේ මාවම මඩවනෝනේ

"ඔව්

වයස එහෙම

මට 23යි

ම්ම්ම්ම්ම්"
එහෙම කියලා ශේප් එකේ ලිස්සලා ආවා නැත්නම් තවත් මඩවනෝනේ. සෙල්ලම්ද නේද මගේ කම්පස් ජීවිතේ පටන්ගත්තෙම ශිෂ්‍ය සභාපතිව කිස් කල්ල්ලනේ.

┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉

මේ විදියට ටික දවසක් ගෙවිලා ගියා මේ දවස්ටිකට සහස්‍ය අයියා ගැන දැනගත්ත දේවල්වල හැටියට මන් එදා පන බේරගත්ත එක මටම පුදුමයි. හැබැයි ඉතින් එකේ පළිගන්නද කොහෙද මට සෑහෙන්න වද දුන්නා.
සුපුරුදු පරිදි ඔක්කොම ලෙක්චස් ඉවරවෙලා කෙලින්ම හොස්ටල් එකට ආවා නැත්නම් බාතෲම් පෝලිමේ ඉන්නැපැයි. මෙහේදි නම් පෝලින් සාමාන්‍ය දෙයක් වොශ් රූම් පෝලින් කැන්ටින් පෝලින් දිගටම පෝලින්. කොච්චර පෝලිමේ හිටියත් බඩ පිරෙන්න කන්න හම්බෙන්නෙ නම් නෑ. කැම්පස් එනකොට මහතට ඉදපු මන් මේ ටිකදවසට නිකම්ම කෙට්ටුවෙලා ගිහින්. ඉදල ඉදලා ගෙදර ගිය දවසට එවටත් හරියන්න සෝමාලියාවෙන් ආව එකා වගේ කනෝ. කොච්චර දුකක් වුනත් මේ ජීවිතේ එක්තරා විදියක සතුටකුත් නැත්තෙමත් නෑ. අපි ඉස්සර හිතන් ඉදියේ කැම්පස් ගියාම ඔක්කොම හරි සැපට ඉතෑකි කියලා එත් ඇත්ත ඊට වඩා වෙනස්. ලෙක්චස් ,පෝලින්, විභාග අස්සෙ තව ලස්සන දේවල් නැතුවම නෙවෙ.

Dear DiaryDonde viven las historias. Descúbrelo ahora