෴අලුත් නවාතැන෴.

65 9 2
                                    

දහසක් හීන අතරින් අවසන් හිනයන්ට පානගන මාවතක් මාවෙතද විවර විය. ඉතින් අදයි දවස මගේ හීනවෙත ගමන් ගන්නා මාර්ගය ආරම්භක දින.

" සුදු දූ ඔක්කොම බඩු ලෑස්තියි නේද

ඔව් අම්මා

ලොකු නංගි ඩොකියුමන්ට්ස් රෙඩිද අනිත් මොනා නැති උනත් කමක් නෑ එක තීන්න ඔනා

ඔව් ඔව් ලොකූ ඒවා හරි ඔයත් බලන්න ඔන නම් අර ෆයිල් එකේ තීනො

එ හඩ්ඩි ඔයා නැතුව මට පාලුයිනේ

ඉතින් චූටිට පුලාන් නේ මට කෝල් කරන්න ඒත් හැමවෙලේම බැරි වෙයි රෑට ගන්න

හා ඉතින්"

මම තෙරුනේ පේරාදෙණියට .අම්මයි තාත්තයි මාව කැම්පස් එකට ඇරලන්න පැමිණියද ලොකූට නම් ජොබ් එකට යන්න වුනා චූටිටත් ඉස්කෝලේ නිසා එ දෙන්න ආවෙ නෑ.
උදෑසන හතරේ කණිසම වැදෙත්ම අප සැවොම පිටත්වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙතය. අප ගමනාන්තෙට ල්ගාවත්ම උදෑසන අට පමණ වන්නට ඇත. දීර්ඝ කොල පිරවීමකින් පසු අවසානයේ නවාතැන් වෙතයාමට අවස්ථාව හිමිවිය. රැගෙනා සියලු බෑගද රැගෙන Dr.Ramanadan හොස්ටල් එක සොයා පිටත් විය. දෙමාපියන්ට ඇතුලුවිය නොහැකි වූ බැවින් මා සියලුම බෑගද රැගෙන දෙවන මහළ කරා සංක්‍රමණය විය.  මා පැමිණෙන කොරිඩෝව දෙපස නව මිතුරියන් පිළිගමින් යුහුසුලුව භාණඩ අසුරන මිතුරියන් දුටුවහ. සියල්ලන්ටම සිනාවකින් සංග්‍රහ කළමා මාහට හිමි වූ කාමර අංක 46 වෙත පැමිණියහ.
කාමරයේ දොර අසල මදක් ලත වූ මා මෙහි මා වැනිම පිස්සන් පිරිසක් සිටීවායැයි පතමින් ද්වාය විවර කලහ. එය ප්‍රමාණයෙන් කුඩා කාමරයක් වුවද එහි පාඩම් මේස සතරක් සහ එහි ඉහල ඇදන් හතරක් විය. ඉදිරි අවුරුද්දක් වැනි කාලයකට මෙය මගේ නිවහන වනු ඇත. එය තට්ටු දෙකකට සකසා තිබුනි මා එහි යන විටත් එහි මාගේ කාමර සගයන් දෙදෙනෙක් පැමිණ සිටියහ.

" හලෝ මන් නිවාරා මාත් මේ කමරේ

හලෝ මන් හංසි අර නෙතාරා

මන් කොතනද

ආහ් ...ඔයාගේ අර කොණේ ඇද මන් හිතන්නේ 

ආ තැන්ක්‍යූ"
කාමර සගයන් දෙදෙනා ද්විත්ව ස්වරූපයක් ඉසිලීය. හංසි මිත්‍රශීලී වුවද නෙතාරා නම් තම භාණඩ අසුරාගැනීමේ කාර්‍යෙහි යුහුසුලු වූවා මිස අනෙකෙකු පැමිණෙන දෙසවත් නොබැලීය. ඇයගේ ඇද මාගේ ඇදට මුහුණලා විය. ඉදිරි කාලය මාකෙසේ ඈ හා ගතකරන්නේ දැයි සිතා මාද භාණඩ ඇසිරීමේ කාර්‍යේහි යුහුසුලු විය.මාගේ නිරීක්ෂකයන්ගෙන් පෙනීගියේ නෙතාරා ආඩම්බර මිතුරියන් ඇතිකරගැනීමට එතරම් පෙලබවීමක් නැති අය ලෙසයි. අඩ හෝරාවක් අවසානයේ  භාණඩ ඇසිරීම අවසන් විය.

Dear DiaryOù les histoires vivent. Découvrez maintenant