෴සින්නෙක්ට කිස් එකක්෴

33 11 5
                                    

" මෙහෙමයි නංගියා අරක ඇතුළෙන් එහා පැත්ත්ට යනොකො

බෑ.....හ්

ඔය ඉතින් අඩන්නෙපා පැටියො

ඔයි ඔය පොඩිඋන් හුරතල් කරන්න බෑ. මේ හලෝ යනෝ ඩෙස් එක යටින්

හෝව් හෝව් ඔයාට බෑ එයාට එහෙම බලකරන්න"
අපි ගිය වෙලාව හොදයි. නැත්නම් නෙතාරගේ කෑල්ලක්වත් හොයාගන්න වෙන්නෑ මොකද එයා සින්නො ටිකක රැගකට අහුවෙලා. අඩ අඩ ඉන්නො.

"ආ..හ් මේ ඉන්නෙ තව රැග් කරන්න සෙටාර් එකක්

මේ පැණියො නෙතාට ඉන්නදීලා පැත්තකට වෙනො

ආ මේ සූටි පැටික්කිගේ නම නෙතාද
හලෝ නෙතා"
සින්නෙක් පැණි හිනාවක්දාලා නෙතාරාට ලන් විය. සිදුවිය හැකිදෙය අවබෝධ වූ සැනින් මම මැද්දට පැන්නෙමි.

"ආ..හ් ඔයත් ඉන්නො නේ

ඇයි ඔයා මොනා කරන්නද

මේකනේ අපි සිනීයස්ලා දැන් ඔයාලා රැග් එකට යටත් වෙන්න ඔනා; හැබැයි ඉතින් ඔය සුදුනංගි මන් දෙන රැග් එක කරොත් ඔයාලා ඔක්කොටම යන්නදෙන්නම්"
මාදෙස බලා ඉගිමරමින් පැණි සින්නා එසේ පැවසීය.

"හරි එකගයි

හොදයිනේ ; ඔයාට පෙනොවද අර අතන ඉන්න උස සුදු අයියා

ඔව් අර ෆෝනෙක කනේ තියන් අනිත්පැත්ත බලන් ඉන්න එක්කෙනානේ

අන්න රයිට් එ තමා සහස්‍ය; දැන් ඔයා එයාට කිස් එකක් දෙන්න ඔනා

මොකාක්"
සින්නාගෙ වදන් අපි හතරදෙනාම කෝපගැන්වීමට සමත් විය. මොකක් කරන්නද කට්ටියම බේරගන්න නම් කරන්නම වෙනො. මේ වෙලාවෙ තමා මගේ යක්ෂාරූඩ මොළරාජයාට කුණාටුවක් වගේ අදහසක් පහල වුනේ. අවට සිටි සියල්ලන්ම වික්ශිප්ත කරමින් මන් සින්නා කියපු අයියා ලගට ගිහින් එයාගේ උරහිසට තට්ටුවක් දැන්මා. පුදුමයෙන් වගේ හැමොම අපි දිහා කන්න වගේ බලන් ඉන්නො සහස් අයියත් හැරුනා කෝල් එකක ඉන්න ගමන් ම. එයාට ලස්සන ඇස් දෙකක් තිබුනා. කාගෙවත් ලග මෙහෙම නොගැහුන මගේ හදවත එයා ලග ඩබල් ගැහෙන්න ගත්තා.  එයාමගේ හිතවත් ගත්තද 🙅‍♀️noway.
ගැම්මෙන් ගියාට කොමද දෙයියනේ දැන් කිස් කරන්නෙ. ඔනා දෙයක් වෙද්දෙන් කියලා සහස් අයියගේ කොලර් එකෙන් ඇදලා ලගට ගත්තා දැන් අපි මූණට මූණලා හුස්මක දුරින් ඉන්නෙ  මන් දකුණු අතින් සහස් අයියගේ  වම් කම්මුල පිරිමදිනගමන් කනට ලන්වුනා මන් හිතුව විදියටම එයා මාව තල්ලුකරා. මන් කල දෙයින්ද කොහෙද සින්නගේ කන අග රතුවෙලා වගේම කනේ තිබුන ෆෝන් එක බිම තිබුනා. "මට කලින්ම තෙරුනා මේක රැග් එකකට වඩා ෆ්‍රෑන්ක් එකක් කියලා දෙන්නම් අද පැණි සින්නට"

Dear DiaryDonde viven las historias. Descúbrelo ahora