෴දෛවය෴

23 5 3
                                    

අද නම් හොදටම වහින දවසක් උණු කෝපි එකක් එක්ක පොතක් කියවන්න නම් හොද දවස. එත් මිඩ් එකට පාඩම්කරන අපිට වගේ නම් එක හොද දවසක් නෙවෙ. මොකද වටේ තියෙන සීතලත් එක්ක පොත් මේසේ වුනත් ඇද වගේ තමා පෙන්නෙ. මිඩ් එක ගොඩ නොගියොත් හතළිහක් නෑනේ. ඉතින් පන දාගෙන පාඩම් කරන්න ඔනා. කොහොම වුනත් සීතල එක්ක එන බඩගින්නට ප්‍රතිචාර දක්වන්න කැන්ටිම් වන්දනාඅකරන්න නැගිට්ටට මේ වැස්සෙ යන්න කුඩයක් නෑ. වැස්සත් හරිම පුදුමාකාරයි කෙනෙක් වැස්සට ආදරේකරනකොට තව කෙනෙක් වැස්සට වෛරකරාවි.

කල්පනා කර කර ඉන්නකොට මගෙ ඉස්සරහින් දුවපු කෙනෙක්ගේ කුඩේ වැටුනා එයා දන්නෙ නෑ කුඩේ වැඋනා කියලාවත් නැත්නම් හිතාමතා වැට්ටුවද. එනිවේ දැන් කුඩයක් තීනොනේ ඒත් මේක ආයි දෙන්න කාගෙද කියලාවත් දැනගන්නොන නෙ. කුඩේ අතට ගත්තාම දැක්ක දෙය ඇස්වලට කදුලු ගෙනාවා. මන් දන්නෑ එ වෙලාවෙ මගේ ඇස්වලට කදුලු ආවෙ දුකටද සතුටටද නැත්නම් කේන්තියටද කියලා. ඔව් මන් දකින්නෙ හීනයක් නෙවෙ නම් මේ කුඩෙ අලවලා තීන්නෙ පින්ක් නෝට් එකක්. ඔව් මේ එයාමයි මේ එ අකුරු.

"මාව දකින්න ආසද ?
      එහෙනම් වල ලග රොබරෝසියා ගහ යටට එන්න. මන් බලන් ඉන්නවා"

මේ දවස් ටිකට මිස්ට පින්ක් නෝට් ගැන හිතලාම ඔලුවෙ කැක්කුම හැදිලා තිබුනෙ මට ඒත්  හදිස්සියෙම එයා මාව හම්බෙන්න එනවා කිව්වම ඊටත් වඩා සතුටක් කොහෙද. වැස්ස නොබලා  මන් වල ලගට දිව්වා. වටේටම මල් පිපිලා වැස්ස නිසා ගස් හරි අමුතු ලස්සනට පෙනුනා. උදේද දවල්ද අදුරගන්න බෑ අහස හරිම ලස්සනයි. රොබරෝසියා මල් පෙති මන් යන පාර ලස්සන කරනවා. මේ විදියට විකාර හිතහිතම වලලගට ආවා.  කෝ එයා එයා නෑ නේ.

"මාවද හොයන්නෙ"

පිටිපස්සෙ ඇහුන එ ගැඹුරු කටහඩට මන් තිගැස්සුනා. ලොකු කළු කුඩයක් යට මන් දිහා බලාගෙන කළු දිළිසෙන ඇස් දෙකක් තිබුන.




" නිවා මොනාද බන් ඔය තරම් ලියන්නෙ එන්න තේ එක නිවෙනො

හරි හංසි අක්ක ; මන් එනො "

┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉

ජීවිතය කියන්නෙ හරිම පුදුමාකාර දෙයක් සමහරු කියනවා ජීවිතය ගලාගෙන යන්නෙ දෛවයට අනුව කියලා වෙන්නැති අපි හම්බුන විදියත් දෛවොපගතයි.

Dear DiaryDonde viven las historias. Descúbrelo ahora