🦋. ජීසුට පුදුමයක් 06

478 140 62
                                    

එක දිගට විවේක ශාලාවේ දොරට ගහන හඩත් එක්ක මේ තරම් වෙලා හීන ලෝකේක අතරමං වෙලා හිටපු සෝහී ගැස්සිලා පියවි සිහියට ආවා... මූනේ ඇදුන ලා හිනාවක් එක්ක දොරේ අගුල ලිහිල් කරපු සෝහී ඉක්මනින් තමන්ට වෙන්වුන නේවාසිකාගාර කාමරේට දුවගෙන ගියා.....
×××××××××××××××××××××××××××××
"මං ගොඩක් ආදරෙයි මගේ කැලෑ රෝස මල!!"

"මමත් ගොඩක් ආදරෙයි මගේ හිතුවක්කාර කුමාරයාට!!"

×××××××××××××××××××××××××××××

"ආහ්!!!"

පාන්දර යාමේ සෝහී ගැස්සිලා ඇහැරුනේ දැක්ක හීනේ නිසා.... මෙච්චර වෙලා සෝහීගේ ඇද උඩට නැගලා සෝහීගේ මූනට එබිලා හිටපු කෙල්ලගේ අතිජාත මිත්‍රයෝ දෙන්නා ඇස් රවුම් කරලා කෙල්ල දිහා බලද්දි සෝහී ඇහිබැම අකුලලා කෙල්ලෝ දෙන්න දිහා බැලුවා....

"ආහ් වේහ්?"

නලල අත ගාන ගමන් නිදිමත හඩින් සෝහී ඇහුවා... කෙල්ලෝ දෙන්නා මුකුළු හිනාවක් එක්ක සෝහී දිහාම බලාගෙන හිටියා....

"යාහ් අද මොනවද දැක්කේ?"

උරහිසෙන් සෝහීගේ උරහිසට ඇනලා ඇස් යටින් සෝහී දිහා බලලා ජීසු ඇහුවා... සෝහීගේ කම්මුල් රතට හැරෙන කොට කෙල්ලෝ දෙන්නා මනමාල හිනාවක් මූනේ ඇදගෙන සෝහි දිහා බලාගෙන හිටියා....

"අර හැන්ඩ්සම් හොරා!!"

සෝහී බිම බලාගෙන ගොත ගැහුවා...කෙල්ලෝ දෙන්නා උනන්දුවෙන් සෝහී දිහා බලාගෙන හිටියා....

"ආයිෂ්...ඒ හොරා.. පරන තාලේ  කුමාරයෙක් වගේ ඇදගෙන හිටියේ... "

සෝහී කථාව අතරමැද නවත්තලා ඇස් යටින් කෙල්ලෝ දෙන්නා දිහා බැලුවා....

"ඉතින්!!"

නිකටට අත තියාගත්ත කෙල්ලෝ දෙන්නාම එක සැරේ සෝහී දිහාවට නැවිලා ඇහුවා...සෝහී කෙල පොදක් ගිලලා උගුර පෑදුවා....

"අ...ම්...එ..ඒ කුමාරයා...."

"කුමාරයා!!!"

ජීසු සද්දෙන් ඇහුවා...

"ආයිෂ් ඒ හොරා!! එයා ම් මට කැලෑ රෝස මල කියලා කථා කලා!!"

සෝහී බිම බලාගෙන කිව්වා.... මෙච්චර වෙලා රස කෑමක් හම්බ වුන වදුරු පැටව් දෙන්නෙක් වගේ සෝහී දිහා බලාගෙන හිටපු කෙල්ලෝ දෙන්නා, හුස්මක් පහල දාලා කටවල් ඇදකර ගත්තා....

🦋𝖣𝖾𝗌𝗍𝗂𝗇𝖾𝖽 𝖫𝖮𝖵𝖤🦋(𝖪𝗂𝗆 𝖳𝖺𝖾𝗁𝗒𝗎𝗇𝗀 𝖥𝗂𝖼𝗍𝗂𝗈𝗇)(Completed)Where stories live. Discover now