🦋.හාජින් ගේ නික්මයාම 38

478 133 87
                                    

සමුගැනීමේ සාදය සූදානම් කරලා තිබුනේ යුවරජු නම්ජූන් ට අයත් නගරේන් ටිකක් ඈතට වෙන්න තිබුන farm house එකක....

සෝහී සුමී ජීසු තුන්දෙනා කලින්ම නිවාඩුවක් අරගෙන සුමීගේ ස්කූටර් එකෙන් මගට ගිහින් හිටියා.....අගබිසවගේ උදව් ඇතුව හාජින් තේහයුන් එක්ක මාලිගාවේන් එලියට ආවා... අගබිසව රවට්ටන්න වෙන එක ගැන හාජින් හිතේ කරදරෙන් හිටියත් පස්සේ කාලෙක අගබිසව හාජින් ව තේරුම් ගනීවි කියලා තේහයුන් කිව්වා.....

අගබිසව නම්ජූන් ගේ මාර්ගයෙන් නම්ජූන් ගේ මිත්‍රයෙක් ට අයත් වාහනයක් තේහයුන් හාජින් වෙනුවෙන් වෙන් කරලා තිබුනේ කාගේවත් ඇහැ නොගැටී මාලිගාවේන් පිටවෙන්න ලේසි වෙන්න....ජන්කුක් ජිමින් දෙන්නා ජන්කුක් ට අයත් වාහනේන් පිටවෙලා ගියා.... පුරුදු විදියට කෙල්ලෝ තුන් දෙනා ස්කූටර් එකෙන් යන්න ලෑස්ති වුනත් ජන්කුක් ගේ බල කිරීමට ස්කූටර් එක ආරක්ෂිත තැනක තියලා කෙල්ලෝ තුන් දෙනාත් ජන්කුක් ගේ වාහනේට ගොඩ උනා.....

මගින් මගට තේහයුන් ජන්කුක් ට කෝල්ස් අරගෙන තමන් එනකම් ඉන්න කිව්වත් ජන්කුක් තේහයුන් ව ගානකට ගත්තේ නෑ.....   සුමී කියපු නිසා ජන්කුක් දැනගෙන  හිටියා  ඇස් ඉස්සරහ කොච්චර ඇත්ත පේන්න තිබුනත් හාජින් තේහයුන් ලගින් ඉද්දි සෝහී හිත රිදවගෙන තනියම දුක් වෙනවා කියනෙක ඒ නිසාම තේහයුන් ට හාජින් එක්ක තනියම එන්න සිද්ධ වුනා....

පැය තුනක ඒකාකාරී ගමනකින් පස්සේ මුලින්ම සෝහී ඇතුලු පිරිසත්,ඊට පැය බාගෙකට  පස්සේ තේහයුන් එක්ක හාජිනුත්,  ඊටත් විනාඩි කීපයකට පස්සේ හාජින් ගේ පෙම්වතා සෝහයුනුත් ගමනාන්තයට ලඟා වුනා....

ස්වභාවික පරිසරයට මුල්තැනක් දීලා තිබුන මනාව නඩත්තු කරන උද්යානයක් මැද්දේ ඉදිවුන පැරනී තාලේ කලාත්මක නිවසේ එකම එක විදුලි පහනක් දැල් වුනා.... ඉදිරිපස බරාදයට ගොඩවෙන පඩිපෙළ ඉදිරියේ අදුර මැද්දේ කෙනෙක් හිටගෙන හිටියා.....

"හැමදේම ලෑස්තිද සොෆී?"

සෝහී ව තව ටිකක් ලගට අරගන්න ගමන් තේහයුන් ඇහුවා....

"ඔන්න කියපු විදියටම ඇරේන්ජ් කලා!!"

සොෆී හිනාවෙලා කිව්වා... තේහයුනුත් ඒ හිනාවට එකතු වුනා...

🦋𝖣𝖾𝗌𝗍𝗂𝗇𝖾𝖽 𝖫𝖮𝖵𝖤🦋(𝖪𝗂𝗆 𝖳𝖺𝖾𝗁𝗒𝗎𝗇𝗀 𝖥𝗂𝖼𝗍𝗂𝗈𝗇)(Completed)Where stories live. Discover now